Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ ධනය සූරාකන ඉන්දීය ජාවාරම්කරුවන් රේගු බුද්ධි මෙහෙයුමට කොටුවෙයි
    Featured

    ශ්‍රී ලංකාවේ ධනය සූරාකන ඉන්දීය ජාවාරම්කරුවන් රේගු බුද්ධි මෙහෙයුමට කොටුවෙයි

    By LFNNovember 27, 2022No Comments2 Mins Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි අලාභයක් කරමින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ අපනයනය කළ ජාවාරමක් මැඩපවත්වා සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර දීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ.

    රේගු මධ්‍යම බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව පළමුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී ජාඇළ ප්‍රදේශයේදී පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

    එහිදී එම පුද්ගලයාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී දිවයිනේ ප්‍රධාන පෙළේ ටයර් අපනයන සමාගමක් නමින් සැකසු රේගු සටහන්කර කිහිපයක් හමුවී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එම සැකකරු සහ තවත් අයෙක් එකී ටයර් සමාගමේ නම අවභාවිත කර ඉන්දියාවට අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ ආනයනය කර ඇති බවය.

    එසේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට අපනයනය කළ කන්ටේනර් 144ක තොරතුරු එහිදී ලැබී තිබුණි.

    පසුව තවත් බහාලුම් 5ක් වැලිසර ප්‍රදේශයේ සඟවා තිබියදී හමුවිය.එම බහාලුම් 5 සහ අපනයනය කර තිබූ බහාලුම් 44 සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එම විමර්ශන අවසන් වනතෙක් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත්කර බන්ධනාගාර ගත කෙරිණි.

    අනතුරුව රේගු විමර්ශන නිමවා සැකකරුවන්ට රුපියල් ලක්ෂ 400ක දඩයක් පනවා බහාලුම් 5 රාජසන්තක කර තිබේ.

    තවදුරටත් විමර්ශන සිදුකළ රේගු බුද්ධි නිලධාරීන් ඊට මසකට පසුව නැවතත් තවත් බහාලුම් 10ක් ව්‍යාජ ලේඛන සකසා අපනයනය කිරීමට තැත් කිරීමේදී එය අනාවරණය කරගැනීමට සමත්විය.

    ඊට සම්බන්ධ සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර විමර්ශන නිමවනතෙක් ඔවුන්ව රිමාන්ඩ් කෙරිණි.

    ඊට පසුව සිදුකළ විමර්ශන වලදී තවත් බහාලුම් දෙකක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.

    එම සැකකරුවන් ගෙන් ලැබුණු තොරතුරු අනුව හෙළිවී ඇත්තේ ඒ ආකාරයට බහාලුම් 144ක් ඉන්දියාවට අපනයනය කර ඇති බවය.

    මෙම ජාවාරම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි රේගු මධ්‍යම බුද්ධි අංශ නිලධාරීන්ට තවත් ජාවාරම්කරුවන් පිරිසක් අපනයනය කිරීමට සූදානම් වූ බහාලුම් 5ක් ගැන තොරතුරු ලැබී තිබේ.

    එය අනාවරණය වී තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී ය.

    මේ වනවිට බහලුම් 22ක් රේගුව භාරයේ තිබේ.

    ඒ සම්බන්ධයෙන්ද විමර්ශන නිමකර ඇති බව සඳහන් ය.

    රේගු වාර්තා සඳහන් කරන්නේ ව්‍යාජ තොරතුරු සඳහන් කර ජාවාරම්කරුවන් විසින් අබලි තඹ, ඇලුමීනියම් සහ යකඩ බහාලුම් 200ක් පමණ ඉන්දියාවට යවා ඇති බවය.

    මෙරටින් ඉන්දියාවට මේ ආකාරයට ජාවාරම් කළ සියලු සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ව නීතියේ ඉදිරියට ගෙනඒමට ශ්‍රී ලංකා රේගුව සමත්ව ඇති අතර එසේම සමහර නැව් සමාගම්ද ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගෙන ඊට සහාය වී ඇති බව අනාවරණය වෙයි.

    සැකකරුවන් අතර මෙරට පුරවැසිභාවය හිමි ඉන්දීය පුද්ගලයින් දෙදෙනෙක්ද සිටිති.

    එබැවින් ඉදිරියේදී මෙවැනි ජාවාරම් මැඩලීම සඳහා අපනයනය සඳහා සූදානම් කර ඇති බහාලුම් ස්කෑන් කිරීමට ශ්‍රී ලංකා රේගුව සැලසුම් කරයි.

    අදාළ පරීක්ෂණ කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් P B S V නෝනිස් මහතාගේ මග පෙන්වීම මත රේගු මධ්‍යම බුද්ධි අංශ අධ්‍යක්ෂක රෝහණ සේනාධීර මහතා විසින් මෙහෙයවා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.