Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්නොකිරීමට හේතුව
    Featured

    ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත්නොකිරීමට හේතුව

    By LFNNovember 26, 2022No Comments1 Min Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම ලබන දෙසැම්බර් මස 8 වැනිදායින් පසුව සිදුකෙරෙන බව කතානායක කාර්යාලය පවසයි.

    21 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුකළ යුතුය.

    කෙසේවෙතත් 21 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී මාසයකට අධික කාලයක් ගත වුව ද මෙතෙක් ස්වාධීන කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුව නැත.

    මේ සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමකදී කතානායක කාර්යාලය සඳහන් කළේ කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කළ යුතු බවය.

    එම සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් දෙදෙනෙකු පත් කිරීමේ අයදුම්පත්‍ර කැඳවීම මෙම දිනවල සිදුකරන අතර එම කටයුතු ලබන දෙසැම්බර් මස 8 වනදායින් අවසන් වීමට නියමිතව ඇත.

    එම සාමාජිකයින් දෙදෙනා තෝරා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීමෙන් අනතුරුව ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීම සිදුකෙරෙන බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

    මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව සිදුකළ යුතුය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.