Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සත්කාර රාජ්‍ය පරදවා පළමු ජය ඉක්වදෝරයට
    Featured

    සත්කාර රාජ්‍ය පරදවා පළමු ජය ඉක්වදෝරයට

    By LFNNovember 21, 2022No Comments1 Min Read245 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගයේ ජය ඉක්වදෝරයට හිමිව තිබේ.

    ඒ අනුව, ලෝක කුසලානයේ සමාරම්භක තරගයේදී සත්කාරක කටාර් කණ්ඩායම පරාජය කරමින් ගෝල 2ට 0ක ජයක් ලැබීමට ඉක්වදෝරය සමත්වුණි.

    සත්කාරක රාජ්‍ය පාපන්දු ලෝක කුසලානයක සමාරම්භක තරගය පරාජය වූ පළමු අවස්ථාව ද මෙය වෙයි.

    මේ අතර මුළු ලෝකයේම ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර් හිදී ඊයේ (20) ආරම්භ වුණි.

    කටාර් හි අගනගරය වන දෝහා නගරයේ ඇති අල් බයිට් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් තරගාවලිය ආරම්භ කෙරුණි.

    ප්‍රේක්ෂකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සමාරම්භක උළෙල සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වුණි.

    අමෙරිකානු ප්‍රවීන රංග ශිල්පියෙකු වන මෝගන් ෆ්‍රීමන් විසින් බලාපොරොත්තුව, ඉවසීම සහ එකමුතුකම සම්බන්ධයෙන් වු විශේෂාංගයක් ඉදිරිපත් කළේය.

    මැද පෙරදිග කලාපීය රටකදී ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් පැවැත්වෙන පළමු වතාව වන මෙහිදී විදෙස් ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් විසින් නර්තන සහ ගීත ඉදිරිපත් කෙරුණි.

    එහිදී දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායමේ ගායකයෙකු වන ජුන්ග් කුක් සමාරම්භක උත්සවයේදී ඔහුගේ නව ගීතය එළිදැක්වු අතර ඔහු සමඟ කටාර් ජාතික ගායකයෙකුද එක් වෙමින් සමාරම්භක උත්සවය වර්ණවත් කළේය.

    අනතුරුව 22 වන පාපන්දු ලෝක කුසලානය තරගාවලිය ආරම්භ වූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026012 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.