Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රිය කාලසටහන් වෙනස් වෙයි
    Featured

    දුම්රිය කාලසටහන් වෙනස් වෙයි

    By LFNNovember 20, 2022No Comments1 Min Read326 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රිය වේග සීමා පැනවීමත් සමග දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

    ඒ අනුව දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට තීරණය වී ඇත.

    ජනතාවගේ ආරක්ෂාව සහ දේපළ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම වේග සීමා පැනවීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මාර්ග පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අවස්ථා ගණනාවක දී දුම්රිය පීලිපැනීම් සිදුවිය.

    පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වේග සීමා පැනවීමට තීරණය කර ඇති අතර ඒ අනුව දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ.

    ඊට අදාළ වාර්තාවක් ලබන 24 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අතර එම වාර්තාවෙන් අනතුරුව නව දුම්රිය කාල සටහන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    මේ අතර දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා ඉදිරියේ දී නව දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට ද නියමිතය.

    මගී ජනතාවගේ පහසුව සඳහා ජී.පී.එස්.තාක්ෂණය උපයෝගී කර ගනිමින් දුම්රිය ගමන්ගන්නා ස්ථානය පිළිබඳව මෙම නව දුරකථන යෙදවුම මගින් දැනගත හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202606 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.