Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»නව කාරක සභා දෙකක් පිහිටුවයි
    Political

    නව කාරක සභා දෙකක් පිහිටුවයි

    By LFNNovember 19, 2022No Comments7 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිතුමාගේ යෝජනාවක් පරිදි ස්ථාපිත කිරීමට නියමිත කාරක සභා ද්විත්වයකට අදාළ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේ වාර්තාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන ලදී.

    මේ අනුව බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සහ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවට අදාළ සංයුතිය, බලතල සහ කාර්යයන් මෙම වාර්තාවේ අන්තර්ගත වේ.

    2022 නොවැම්බර් 16 වන දින ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව රැස්වූ අතර එහිදී මෙම කාරක සභා ද්විත්වය ස්ථාපිත කිරීම සහ ඊට අදාළ ස්ථාවර නියෝග පිළිවෙලින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 122 සහ 123 වශයෙන් සංශෝධිත ස්ථාවර නියෝගවලට ඇතුළත් කිරීම අනුමත කරන ලදී.

    එම වාර්තාවට අනුව මෙම කාරක සභා ද්විත්වයේ සංයුතිය, බලතල සහ කාර්යයන්ට අදාළ කරුණු පහත පරිදි වේ.

    බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව
    බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන සාමාජික මන්ත්‍රීවරයන් දහසය දෙනෙකුගෙන් සමන්විත වේ.

    ශ්‍රී ලංකාවේ බැංකුකරණ, රක්ෂණ සහ වෙනත් මූල්‍ය ක්ෂේත්‍ර සේවාවන්හි වෘත්තීයමය ප්‍රමිතීන් සහ සංස්කෘතිය පිළිබඳව සලකා බලා වාර්තා කිරීමට කාරක සභාවට බලය හිමිවී තිබේ.

    ඒ් අනුව, ගනුදෙනු-කරුවන් සවිබල ගැන්වීම සහ බැංකුකරණ, රක්ෂණ සහ වෙනත් මූල්‍ය සේවා ආයතනවල ප්‍රමිතීන් ඉහල නැංවීම පිණිස ඒ මත දැඩි විනයක් ඇතිකිරීම සඳහා එම ආයතන වල ක්‍රියාකාරීත්වය සහ බහුවිධසේවා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට සහ ව්‍යවස්ථාදායක සහ අනෙකුත් නියාමන ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටද කාරක සභාවට හැකියාව තිබේ.

    ජාත්‍යන්තර ආර්ථික ප්‍රතිපත්ති, විදේශීය මූල්‍ය සේවා නියෝග සහ ශ්‍රී ලංකාවේ මුදල් කටයුතු, ණය සහ මූල්‍ය සේවා සහ ආර්ථික වර්ධනය මත ඒවායේ බලපෑම් හා සම්බන්ධ කරුණු අංග සම්පූර්ණ පදනමකින් අධ්‍යයනය කොට සමාලෝචනය කිරීමට කාරක සභාවට බලය හිමිවේ.

    මහ බැංකු සංචිත පද්ධතිය, අපනයන හා විදේශීය වෙළඳ ප්‍රවර්ධනය, අපනයන පාලන ආනයන පාලන, වාණිජ, කර්මාන්ත සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, මූල්‍ය වෙළඳපොළ, මූල්‍ය ක්‍රියාවලි, මූල්‍ය ආයතනවල කාර්ය සාධනය සහ කළමනාකරණය, මුදල් නෝට්ටු, කාසි සහ ව්‍යවහාර මුදල් නිකුත් කිරීම සහ නිදහස් කිරීම ඇතුලුව මුදල් ප්‍රතිපත්තිය හා සම්බන්ධ කරුණු සහ ණය වියපැහැදම් කිරීම සහ නැවත අය කර ගැනීම හා සම්බන්ධ කරුණු පිළිබඳව අඛණ්ඩ පදනමකින් සමාලෝචන‍ය කිරීමට සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවර භාවය සහ අඛණ්ඩතාවය තහවුරු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකය (Sri Lanka Inter Bank Offered Rate (SLIBOR)) සකස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නියාමන සහ තරඟකාරී විමර්ශන සිදුකිරීමට සහ ඒවා පරීක්ෂා කිරීමට ද කාරක සභාවට හැකියාව තිබේ.

    රාජ්‍ය මූල්‍ය ආයතන සහ රක්ෂණය ඇතුළු සපයනු ලබන මූල්‍ය සේවාවන්ට අදාළ ආයතනික පාලනය, කාර්යසාධනය සහ කළමනාකරණය, විනිවිදභාවය මෙන්ම බැඳියාවන් අතර ගැටුම් සමාලෝචනය කිරීමට, මූල්‍ය ප්‍රතිපත්ති සහ රක්ෂණය ඇතුළු මූල්‍ය ආයතනවලට අදාළව රජයේ සහ අනාගත රජයන්ගේ මෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සමාලෝචන සිදු කිරීමට, සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවේ කාර්යසාධනය හා කළමනාකරණය සහ ප්‍රාග්ධන වෙළඳපොළේ ප්‍රවණතාවන් පිළිබඳ විමසා වාර්තා කිරීමට; සහ කොළඹ කොටස් වෙළඳපොළේ කාර්යසාධනය සහ කළමනාකරණය පිළිබඳ විමසා වාර්තා කිරීමට ද කාරක සභාවට බලතල හිමිවේ.

    එයට අමතරව, රජය සතු යම් බැංකුවක් හෝ රක්ෂණය ඇතුළු මූල්‍ය සේවා සපයන වෙනත් ඕනෑම ආයතනයක් පිළිබඳ හෝ රජයේ ලිඛිත නීතියක් මඟින් බලය පවරා ඇති වෙනත් කාර්යයක් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් සහ ඉන් පැන නගින ඕනෑම කරුණක් පිළිබඳව සිදු කරන විමර්ශනවලින් අනාවරණය වන තොරතුරු සම්බන්ධයෙන් කාරක සභාව සෑම තුන් මාසයකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබිය යුතු අතර ප්‍රතිකාර්ය ක්‍රියාමාර්ග අවශ්‍ය කරන කරුණු සම්බන්ධ නිරීක්ෂණ සහ යම් නිර්දේශයක් තිබේ නම් එම නිර්දේශ ද එකී වාර්තාවට ඇතුළත් කිරීමද කරාක මභාව විසින් කළ යුතුවේ.

    කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් පසු එය මූල්‍ය විෂය භාර අමාත්‍යවරයාට සහ අදාළ ආයතන භාර අමාත්‍යවරයන් වෙත යොමු කිරීමෙන් පසු සති අටක කාලසීමාවක් ඇතුළත එහි සඳහන් නිර්දේශ සපුරාලීමටත්, නිරීක්ෂණ සම්බන්ධයෙන් අනුගමනය කිරීමට යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමටත්, එම අමාත්‍යවරයන් විසින් ක්‍රියා කළ යුතුය. එසේ නොමැති නම් අදාළ නිර්දේශ සපුරාලීමක් සිදු නොකළ යුතු බවට අදාළ අමාත්‍යවරයා විශ්වාස කරන්නේ නම් ඒයට ලිඛිතව ඊට හේතු දැක්විය යුතු අතර අමාත්‍යවරයා ‍විසින් යෝජනා කරනු ලබන විකල්ප ක්‍රියාමාර්ගය කවරේ ද ඉදිරිපත් කළ යුතුය.

    කාරක සභාවට අවශ්‍ය වන්නේ නම්, අදාළ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීම සඳහා කාරක සභාවට පෞද්ගලිකව පැමිණීමට ආරාධනාවක් කළ හැකි අතර එවැනි කාරණා වලින් පැන නඟින ප්‍රශ්නවලට සති අටක් ඇතුළත පිළිතුරු සැපයීම කළ යුතුවේ.

    කාරක සභාවට අවශ්‍ය යැයි හැඟීයන්නේ නම් ඕනෑම ආයතනයක් පිළිබඳ සොයා බැලීම සඳහා එම කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සැදුම්ලත් අනු කාරක සභා පත් කළ හැකි අතර, කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරයන් ද එවැනි අනු කාරක සභා රැස්වීමකට සහභාගීවීමට අපේක්ෂා කරන්නේ නම්, එම සාමාජික මන්ත්‍රීවරයන්ට ද ඊට සහභාගී විය හැකි ය. එකී අනු කාරක සභා විසින් අවශ්‍ය යැයි සලකනු ලබන ඕනෑම කරුණක් පිළිබඳව කාරක සභාව වෙත වාර්තා කිරීමේ හැකියාව මිහිවේ.

    එමෙන්ම, අවශ්‍ය යැයි සලකනු ලබන අවස්ථාවක දී, කාරක සභාවට හෝ කාරක සභාව විසින් පත් කරන ලද ඕනෑම අනු කරක සභාවකට, කාරක සභාව විසින් තීරණය කරනු ලබන පරිදි පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දී හෝ අදාළ ඕනෑම ආයතනයක දී රැස්වීම් පවත්වනු ලැබිය හැකි අතර කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත කාරක සභා සාමාජික මන්ත්‍රීවරයෙකු නොවන වෙනත් ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කාරක සභාවේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අවස්ථාව ලැබේ.

    කාරක සභාව විසින් ස්වකීය වගකීම් ඉටුකිරීමේ කාර්යය සඳහා ඕනෑම පුද්ගලයෙකු ඕනෑම අවස්ථාවකදී කාරක සභාව ඉදිරියට කැඳවීමට, ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට සහ ඕනෑම ලිපි ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයක් පිළිබඳ විභාග කිරීමටත්, ගබඩා සහ දේපළ විමර්ශනය කිරීමටත්, බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවට හෝ එහි ඕනෑම අනු කාරක සභාවකට බලය හිමිවේ.

    ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව
    ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් නොවන සාමාජික මන්ත්‍රීවරයන් දහසය දෙනෙකුගෙන් සමන්විත විය යුතුවේ.

    රජය සතු ව්‍යවසායවල කාර්ය සාධනය, කළමනාකරණය, මෙහෙයුම් කාර්යක්ෂමතාවය, ප්‍රතිපත්ති රාමුව, නෛතික රාමුව සහ අවදානම් කළමනාකරණය පරීක්ෂා කිරීම කාරක සභාවේ මූලික කාර්යභාරය වේ.

    ඒ් යටතේ, රජය සතු ව්‍යවසායවල මූල්‍ය ස්ථාවරත්වය, ණය කළමනාකරණය, ලාභ සහ ආයෝජන කළමනාකරණය පරීක්ෂා කිරීම, රජය සතු ව්‍යවසායවල පාඩු අවම කර ලාභ වැඩි කිරිම සඳහා අවසතුකරණය කිරීමේ අවශ්‍යතා, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව සඳහා ඇති අවස්ථා සහ උපායමාර්ග පරීක්ෂා කිරීම; සහ රජය සතු ව්‍යවසායන් විසින් සේවයෙහි නියුක්ත කරනු ලැබූවන්ට අදාළව මානව සම්පත් කළමනාකරණය, අධික හෝ අතිරික්ත කාර්ය මණ්ඩලය අඩු කිරීම, වේතන හා ව්‍යවස්ථාපිත ගෙවීම් නොගෙවීම සහ වේතන සහ දීමනා වැඩිපුර ගෙවීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හැකියා කාරක සභාව සතුය.

    1971 අංක 38 දරන මුදල් පනත සහ 2007 අංක 7 දරන සමාගම් පනත මගින් පාලනය වන කවර හෝ රජය සතු ව්‍යවසායක් පිළිබඳව කාරක සභාව විසින් හෙළිදරව් කරගනු ලැබූ කරුණු සම්බන්ධයෙන් කාරක සභාව සෑම මාස තුනකටම වරක් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමද කමිටුවේ කාර්යභාරයක් වේ.

    ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබූ විට, එය මුදල් විෂයය භාර අමාත්‍යවරයා සහ අදාළ ආයතන භාර අමාත්‍යවරයන් වෙත යොමු කළ යුතු අතර එම අමාත්‍යවරයන් විසින් වාර්තාවේ දක්වනු ලැබ ඇති නිර්දේශ සති අටක කාලසීමාවක් තුළ ඉටු කිරීමටත්, එම නිරීක්ෂණ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයන් විසින් යෝජනා කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමටත්, නැතහොත් යම් නිර්දේශයක් ඉටු නොකළ හැකිවනු ඇතැයි යන්න අදාළ අමාත්‍යවරයාගේ මතය වේ නම් එයට ලිඛිතව හේතු පැහැදිලි කර එම අමාත්‍යවරයා විසින් යෝජනා කරනු ලබන විකල්ප ක්‍රියාමාර්ගය සඳහන් කිරීමටත් කටයුතු කිරිමට කමිටුවට හැකියාව තිබේ.

    කාරක සභාවට අවශ්‍ය නම්, අදාළ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීම සඳහා කාරක සභාවට පෞද්ගලිකව පැමිණීමට ආරාධනාවක් කළ හැකි අතර එවැනි කාරණා වලින් පැන නඟින ප්‍රශ්නවලට සති අටක් ඇතුළත පිළිතුරු සැපයිය යුතුය.

    කාරක සභාවට අවශ්‍ය වේ නම් ඕනෑම ආයතනයක් පිළිබඳ සොයා බැලීම සඳහා සිය සාමාජික මන්ත්‍රීවරයන්ගෙන් සැදුම්ලත් අනු කාරක සභා පත් කළ හැකි අතර, කාරක සභාවේ අනෙකුත් සාමාජික මන්ත්‍රීවරයන් ද එකී අනු කාරක සභා රැස්වීමකට සහභාගීවීමට අපේක්ෂා කරන්නේ නම්, එම සාමාජික මන්ත්‍රීවරයන්ට ද ඊට සහභාගී විය හැකිවේ. එසේ අනු කාරක සභා විසින් අවශ්‍ය යැයි සලකනු ලබන ඕනෑම කරුණක් පිළිබඳව කාරක සභාව වෙත වාර්තා කිරීමේ හැකියාව තිබේ.

    කාරක සභාව විසින් තම වගකීම් ඉටුකිරීමේ කාර්යය සඳහා ඕනෑම පුද්ගලයෙකු ඕනෑම අවස්ථාවකදී කාරක සභාව ඉදිරියට කැඳවීමට, ඕනෑම පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට සහ ඕනෑම ලිපි ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ වෙනත් ලේඛනයක් පිළිබඳ විභාග කිරීමටත්, ගබඩා සහ දේපළ විමර්ශනය කිරීමටත්, ආර්ථික ස්ථායිකරණය පිළිබද කාරක සභාවට හෝ එහි ඕනෑම අනු කාරක සභාවකට බලය හිමිවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.