Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ළඟ ළඟම එන මැතිවරණය ගැන ඉඟියක්
    Featured

    ළඟ ළඟම එන මැතිවරණය ගැන ඉඟියක්

    By LFNNovember 16, 2022No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැතිවරණයක් පැවැත්වීමේ කාලවකවාණුව ගැන ඊ (15) දිනයේ දී පැහැදිලි පිළිතුරක් ලැබුණු බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ඒ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව, ඉලංගෙයි තමිල් අරසු කච්චි ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වී තිබුණි.

    සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

    “මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් ප්‍රකාශ කර සිටියා 2023 මාර්තු 20 වගේ වනවිට පළාත් පාලන ආයතන අලුතෙන් ස්ථාපනය වන ආකාරයට මැතිවරණය පවත්වන්නට ඔවුන් කටයුතු කරනවා කියලා. මේක රටට සුබ පණිවුඩයක්.”

    මේ අතර අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසූවේ,

    “ඡන්ද දායකයින්ගේ නාමලේඛනය අද අනුමත කරලා තියෙනවා මැතිවරණ කොමිසමේ රැස්වීමේදී. එය මැතිවරණ කොට්ඨාසවලට කඩාගැනීම සඳහා තව සති තුනක් යයි කිව්වා. ඒ කියන්නේ දෙසැම්බර් 9 වනදාට පස්සේ තමයි මැතිවරණය ප්‍රකාශයට පත්කරන්න පුළුවන්. අනික් පැත්තට පාළත් පාලන ඡන්දය පවත්වලා සති තුනක් අවශ්‍යයි පළාත් පාලන ආයතන පිහිටුවීමට. මැතිරවණය පවත්වන්න සති 5ක් අවශ්‍යයි. ඒ වගේම මැතිවරණය ප්‍රකාශයට පත්තකරන දිනයේ සිට සති දෙකක කාලයක් අවශ්‍යයි නාමයෝජනා සඳහා. ඒ කියන්නේ සති 10ක්. මාර්තු 20ට පෙර සති 10ක් කියන්නේ ජනවාරි මාසයේ 09 වනදා. ඒ නිසා දෙසැම්බර් 06 සහ ජනවාරි 09 අතර අනිවාර්යෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කෙරෙයි.”

    පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා විපක්ෂයේ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 16ක් අද මැතිවරණ කොමිසමට ඒකාබද්ධ ලිපියක් ද භාරදී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 2026

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,445 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,399 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,605 Views
    Don't Miss

    ප්‍රදේශ රැසක රන්මාල කැඩූ සැකකරුවෙකු අත්අඩංගුවට

    June 16, 202604 Views

    රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන…

    අධිවේගයේ ETC පරිශීලකයින්ට සෑම ගමන් වාරයකටම සියයට 10 ක වට්ටමක්

    June 15, 2026

    ඉරානය සමඟ එකඟතාව සම්පූර්ණයි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    June 15, 2026

    ලක්ෂ 4කට තවමත් ‘TIN’නැහැ – IRDයෙන් හෙළිදරව්වක්

    June 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.