Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජය පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක්
    Featured

    රජය පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක්

    By LFNNovember 16, 2022No Comments2 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

    ඔහු ඊයේ (15) පෙන්වා දුන්නේ, ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය කරුණුවලටවත් ප්‍රමාණවත් නොවන බවය.

    “භාණ්ඩාගාරය පැත්තෙන් ගත්තොත් එදිනෙදා මුදල් ප්‍රවාහය හසුරුවනකොට මට පේනවා මේක කොතරම් දුෂ්කර කාර්යයක්ද කියලා. මොකද මේ ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය දේවල්වලටවත් ප්‍රමාණවත් නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වනවා. විශේෂයෙන්ම ඉදිකිරීම් සහ වෙනත් ආයතනවලට ගෙවිය යුතු බිල්පත් ඒ අතරට අයත්. ඒ බිල්පත් ගෙවිය නොහැකි තත්ත්වයකයි රජය තිබෙන්නෙ.”

    “මේ පසුබිම නිසා තමයි රජය ආදායම් උත්පාදනය කිරීමට නව මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති ගෙන එන්නෙ. කැප කිරීමකින් තොරව රාජ්‍ය ආදයම ඉහළ නංවාගැනීම කරන්න බැහැ. මේ අයවැය මගින් බදු පරිපාලනය ශක්තිමත් කිරීමට පියවර කිහිපයක් යෝජනා කර තිබෙනවා. විශේෂයෙන්ම බදුකරණය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීම ප්‍රයෝජනවත් බව හඳුනාගෙන තිබෙනවා. එමගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව යන බදු අය කරන ප්‍රධාන ආයතන තුනේ මෙහෙයුම් අධීක්ෂණයට එය ඉතා වැදගත් වනවා.”

    “ආදායම වගේම රාජ්‍ය වියදම පැත්තෙනුත් අපි දැඩි අධීක්ෂණයකින් පසුවනවා. පසුගිය අප්‍රේල් මාසයේදී අපි පළමු චක්‍රලේඛය නිකුත් කළා රේඛීය අමාත්‍යාංශවලට ඔවුන්ගේ වියදම් අඩුකිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට. කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ඇතිවයි ඒක කළේ. එම ක්‍රියාමාර්ගයේ යම් ප්‍රතිඵල අපිට දැන් දකින්න ලැබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.