Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජය පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක්
    Featured

    රජය පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක්

    By LFNNovember 16, 2022No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

    ඔහු ඊයේ (15) පෙන්වා දුන්නේ, ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය කරුණුවලටවත් ප්‍රමාණවත් නොවන බවය.

    “භාණ්ඩාගාරය පැත්තෙන් ගත්තොත් එදිනෙදා මුදල් ප්‍රවාහය හසුරුවනකොට මට පේනවා මේක කොතරම් දුෂ්කර කාර්යයක්ද කියලා. මොකද මේ ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය දේවල්වලටවත් ප්‍රමාණවත් නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජය දැනට පියවා නොමැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 200ක් පමණ වනවා. විශේෂයෙන්ම ඉදිකිරීම් සහ වෙනත් ආයතනවලට ගෙවිය යුතු බිල්පත් ඒ අතරට අයත්. ඒ බිල්පත් ගෙවිය නොහැකි තත්ත්වයකයි රජය තිබෙන්නෙ.”

    “මේ පසුබිම නිසා තමයි රජය ආදායම් උත්පාදනය කිරීමට නව මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති ගෙන එන්නෙ. කැප කිරීමකින් තොරව රාජ්‍ය ආදයම ඉහළ නංවාගැනීම කරන්න බැහැ. මේ අයවැය මගින් බදු පරිපාලනය ශක්තිමත් කිරීමට පියවර කිහිපයක් යෝජනා කර තිබෙනවා. විශේෂයෙන්ම බදුකරණය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීම ප්‍රයෝජනවත් බව හඳුනාගෙන තිබෙනවා. එමගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව යන බදු අය කරන ප්‍රධාන ආයතන තුනේ මෙහෙයුම් අධීක්ෂණයට එය ඉතා වැදගත් වනවා.”

    “ආදායම වගේම රාජ්‍ය වියදම පැත්තෙනුත් අපි දැඩි අධීක්ෂණයකින් පසුවනවා. පසුගිය අප්‍රේල් මාසයේදී අපි පළමු චක්‍රලේඛය නිකුත් කළා රේඛීය අමාත්‍යාංශවලට ඔවුන්ගේ වියදම් අඩුකිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා ලෙසට. කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ඇතිවයි ඒක කළේ. එම ක්‍රියාමාර්ගයේ යම් ප්‍රතිඵල අපිට දැන් දකින්න ලැබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,396 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,604 Views
    Don't Miss

    රුපියල යන්තම් නැගිටියි

    June 10, 2026013 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති…

    අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පවතින රීති සංශෝධනය කෙරේ

    June 9, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.