Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුතුරාජා හස්තියා ගැන කඩිනමින් තීරණයක්
    Featured

    මුතුරාජා හස්තියා ගැන කඩිනමින් තීරණයක්

    By LFNNovember 16, 2022No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුතුරාජ හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැකබලා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වනජීවි අමාත්‍යවරයා විසින් වනජීවි අමාත්‍යාංශ ලේකම්වරිය වෙත උපදෙස් ලබාදී තිබේ.

    මුතුරාජා හස්තියා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වෙත තායිලන්තයෙන් ලබාදුන් පරිත්‍යාගයක් වන අතර එම හස්තියා පසුව ඇය විසින් අලුත්ගම කන්දේ විහාරස්ථානය වෙත භාරදී තිබුණි.

    එහෙත් එම හස්තියා භාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ හැසිරීම නිසා එම හස්තියා දැඩි හිරිහැරටවලට මුහුණදුන් බව පසුව අනාවරණය විය.

    එහෙයින් මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැ‌ගෙනවිත් දෙහිවල සත්වෝද්‍යානය භාරයට පත් කළ බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පැවසීය.

    දෙහිවල සත්වෝද්‍යානයේ කාර්යමණ්ඩලය විසින් ලබාදෙන සත්කාර මැද මේ වනවිට එම හස්තියා ඉතාමත් ආරක්ෂිතව පසුවන අතර එම හස්තියා නැවත තායිලන්තයට රැගෙනයාමට මෙරට තායිලන්ත තානාපතිවරයා විසින් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    මුතුරාජා හස්තියා මෙරටම රඳවාගැනීම සම්බන්ධව ඊයේ (15) කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

    ඒ අනුව, මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානයේ තබාගෙන රැකබලා ගැනීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එකඟත්වය පළකර ඇති අතර තායිලන්ත තානාපතිවරයා සමග සාකච්ඡා කර ඊට අවශ්‍යපියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් ලබාදී ඇති බව වාර්තා විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.