Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රතික්‍රියක හිඟයෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය අර්බුදයක
    Featured

    ප්‍රතික්‍රියක හිඟයෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය අර්බුදයක

    By LFNNovember 15, 2022No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඒඩ්ස්, හෙපටයිටීස් බී හා හෙපටයිටීස් සී රෝග පිළිබඳ රුධිර පරීක්ෂා සඳහා භාවිත කරන එලයිසර් ප්‍රතික්‍රියක කට්ටල ලබන සතිය තුළ අවසන් වීමේ අවදානමක් මතුව තිබේ.

    ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ, සාමාන්‍යයෙන් මාසික සංචිතයක් තම ආයතනය සතුව පැවතිය යුතු බවය.

    “HIV එඩ්ස්, හෙපටයිටීස් B, හෙපටයිටීස් C සඳහා භාවිතයට ගන්න ප්‍රතික්‍රියකවර්ගය තමයි “එලයිසර්”. අපිට මේ වෙලාවේ ගැටලුවක් පවතිනවා මාසෙකට පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය සංචිත ප්‍රමාණය සතියකට අවශ්‍ය ප්‍රමාණයක් තමයි දැනට අප සතුව තිබෙන්නේ. ජාතික රුධිර මධ්‍යස්ථානයට තමයි අපි සාමාන්‍යයෙන් මේ තොග ලබාගන්නේ. එතකොට දැනට තිබෙන තොග ප්‍රමාණවත් වන්නේ අපට සතියකට පමණයි. ලබන බදාදා වන විට තොගවලින් නිකුත් කරන්න පුළුවන් ප්‍රමාණය අවසන්. පද්ධතිය තුළ කලින් නිකුත් කරපු ඒවා ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ නිසා මට සහතික වශයෙන් කියන්න පුළුවන් ඉදිරි දින 10ක කාලය තුළ අපට දැනට ආරක්ෂිතව කරගෙන යාමේ හැකියාව පවති. අනිවාර්යයෙන්ම ආරක්ෂිතව රුධිරය මුදාහැරීම සඳහා අභියෝගයක් පවතිනවා. මේ වනවිට සියලු බලධාරීන් සියලු අංශ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සියලුදෙනා මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා.”

    දෛනික අවශ්‍යතාව සඳහා රෝගීන්ට රුධිරය ලබා දීමේදී සාමාන්‍යයෙන් මසකට රුධිර සාම්පල 30,000ක පමණ ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සිදුකරනු ලබන අතර එම රුධිර ඒකක පරීක්ෂා කිරීම සඳහා ප්‍රතික්‍රියක 30,000ක් අවශ්‍ය වන බව වාර්තා වේ.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අවශ්‍ය ප්‍රතිපාදන පිළිබද ගැටලුවක් හේතුවෙන් ප්‍රතික්‍රියක හිගය උද්ගත වී ඇති බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් ක‍ළේය.

    “රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියන්නේ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිපාදන පිලිබඳ ගැටලුවක් නිසා තමයි මෙය ඇති වෙලා තියෙන්නේ කියලා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අපට දන්වලා තියෙනවා සැපයුම්කරුවා පසුගිය පෙබරවාරි මාසේ ඉඳලා කියනවා, ඒ තියෙන ගිවිසුම් අනුව ලබාදෙන්න බෑ. මිල සංශෝධනයන් පිළිබඳ ඉල්ලීම් කරනවා කියලා. ඒ නිසා ඔහුට පසුගිය එකඟතාවය මත ලබාදීමට බැරි බව සඳහන් කරාට අපි මේක ජාතික අවශ්‍යතාවය කියන වගකීම පිළිබඳ ඔහුට පැහැදි කළාට පස්සේ ඔහු අපිට පසුගිය පෙබරවාරි මාසේ ඉඳලා මේ දක්වාම අපට සැපයුම් ලබාදුන්නා. නමුත් සැප්තැම්බර් මාසේ අග වෙන විට ඔහු සඳහන් කරන්නේ ඔය කියන ණය පදනම මත අපට ලබාදුන්න සැපයුම් සඳහා ඔහුට විශාල හිඟ මුදලක් තියෙනවා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් දෙන්න. ඒ මුදල ලබා දෙනකම් සැපයුම් යථා තත්ත්වයට දෙන්න බෑ කියලා තමයි ඔහු අපට කිව්වේ. ඒ කෙසේ වෙත්ත ඔහු සමඟ සාකච්ඡාවකට පස්සේ අපට ඔක්තෝම්බර් මාසය සඳහා ඔහුට ලැබුණ අනුග්‍රාහක පදනමක් මත ඔහු අපට මාසයක් සඳහා ප්‍රධානයක් ලබා දුන්නා ඔක්තෝම්බර් මාසය දක්වා. නමුත් එක ඔක්තෝමබර් මාසයෙන් අවසන් වුණා. දැන් නොවැම්බර් මාසයේ දී අපි අර්බුදයක ඉන්නවා සේවා සැපයීම පවත්වාගෙන යාම සඳහා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,447 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,402 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,607 Views
    Don't Miss

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026044 Views

    අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතු‍රට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි…

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්

    June 22, 2026

    ට්‍රැක්ටරයක් වියානා ඇලට පෙරළෙයි – රියදුරු අතුරුදන්

    June 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.