Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානයෙන් රොකට් ප්‍රහාර

    April 9, 2026

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    ලංකා IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමයි

    April 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාතාලේ දෙමස්සිනාලා එක්ව කළ අපරාධ සියල්ල හෙළිවෙයි
    Featured

    පාතාලේ දෙමස්සිනාලා එක්ව කළ අපරාධ සියල්ල හෙළිවෙයි

    By LFNJune 1, 2024No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ඩුබායිහි සිට ඊයේ (31) දිවයිනට රැගෙන එනු ලැබීය‍.

    ඒ අලුයම 05.45ට පමණය.

    ඔහු රැගෙන එනු ලැබුවේ ඒ සඳහා ඩුබායි රාජ්‍ය බලා පසුගිය (30) පිටත්ව ගිය ත්‍රස්ත මර්දන කොට්ඨාස නිලධාරී කණ්ඩායමක් විසිනි.

    කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය තුළ සැකකරු කෙටි වේලාවක් රඳවාගෙන මූලික ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

    අනතුරුව ඔහු කොළඹ ත්‍රස්ත මර්දන කොට්ඨාසය වෙත රැගෙන ආ අතර මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

    මිදිගම රුවන් මීට මසකට පමණ ඉහතදී ඩුබායීහී රාත්‍රී සාමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් හේතුවෙන් එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඒ ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මඟින් රතු නිවේදන නිකුත්කර තිබියදීය.

    සැකකරු 2022 වසරේ අගෝස්තු 4 වනදා ගල්කිස්ස අධිකරණයේදී පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ලෙස නම් කෙරුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය ඔහුට එරෙහිව රතු නිවේදන නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණේ ඒ අනුවය.

    ඔහු ඩුබායිහි දී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කොස්ගොඩ සුජී නැමැති අපරාධකරු ද ඔහු සමග සිට ඇති බව වාර්තා වේ.

    රුවන්, නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ බිරිඳගේ සහෝදරයා වන අතර ඔහුගේ උපදෙස් මත සිදුකළ අපරාධ රැසකම මහමොළකරු ලෙසත් කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

    හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට ගත් උත්සාහයේ සැලසුම්කරු ලෙසද මිදිගම රුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    ලංකා IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමයි

    April 8, 2026

    GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    April 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,378 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    ඊශ්‍රායලයට හිස්බුල්ලා සංවිධානයෙන් රොකට් ප්‍රහාර

    April 9, 202604 Views

    ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාරයක් ලෙස උතුරු ඊශ්‍රායලයේ මනාරා ජනාවාස වෙත…

    ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

    April 8, 2026

    ලංකා IOC ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දමයි

    April 8, 2026

    GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    April 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.