Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මෙරට ඉන්ධන පරිභෝජනය සියයට 30කින් පමණ අඩු වී ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මේ වන විට නව ඉන්ධනහල් සඳහා බලපත්‍ර ලබාදීම ද අත්හිටුවා ඇති බවය. විදුලි බල නිෂ්පාදනය සඳහා ද පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් යොදාගැනීමට කටයුතු කරමින් සිටින බව මඩකලපුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් කුමාර ජයකොඩි අමාත්‍යවරයා සඳහන් කළේය. “තෙල් වල ඉතුරුවක් එනවා ලොකු. ඒක තවත් අර්ථවත් කරන්න අපි බැටරි තාක්ෂණයත් කරනවා. මොකද අපි දවල්ට පාවිච්චි කරන්නේ නෑ දවල්ට. ඒ ප්‍රශ්නෙත් තියෙනවා දැන්. අපිට හරියට ඉතුරු කරන්න නම් ස්ටෝරේජ් බැටරි අපිට හදා ගන්න වෙනවා. එතකොට තමයි අපිට ඒක ඉතුරුකරලා රෑට පාවිච්චි කරන්න වෙන්නේ. ඇත්තටම එතකොට…
මරදාන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග සබඳතා පැවැත් වූ බවට වූ තොරතුරක් මත මෙම තිදෙනා අත්අඩංගුවට පත්ව සිටියේය. ඉකුත් 23වනදා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය්‍යාංශයේ නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 11,320ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබුණි. එම පුද්ගලයා පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ මෙම පොලිස් නිලධාරීන්ගේ දුරකථන අංක සහ හඬපට දත්ත ඇති බවට අනාවරණය ඇත. ඒ හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ආධාර අනුබලදීම චෝදනාව යටතේ අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් කොස්තාපල්වරුන් තිදෙනා වයස අවුරුදු 22, 30 හා 32 අතර පසුවන්නන් බව සඳහන්. ඔවුන් සම්බන්ධ වැඩිදුර විමර්හන කොළඹ මධ්‍යම…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව අසල දී වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ. මත්තල සිට කොළඹ බලා ධාවනය වූ කුඩා වර්ගයේ වෑන් රථකයක පිටුපස ටයරය පුරාගොස්, එම රථය ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ 6 දෙනෙකු සිට ඇති අතර, තුවාල ලැබූවන් කඩිනමින් හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කර තිබේ. මියගොස් ඇත්තේ 72 හැවිරිදි සහ 44 හැවිරිදි වයස්වල කාන්තාවන් දෙදෙනෙකු බව වාර්තා වේ.
මාතලේ පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකදී පුද්ගලයෙකු මියගොස් තිබේ. මරණකරු වයස අවුරුදු 18 ක් වූ පලාපත්වල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ (27) සවස මරණකරු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ සැකකරුගේ නිවසට පැමිණ සැකකරු හා නිවැසියන් අතර බහින් බස් වීමක් ඇතිකරගෙන තිබේ. එම බහින්බස්වීම දුරදිග යාම හේතුවෙන් සැකකරු අසල තිබූ තියුණු ආයුධයකින් මරණකරුගේ ගෙල ප්‍රදේශයට පහර දී තවත් පුද්ගලයෙකුට ද කැපුම් තුවාල සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. තුවාලකරුවන් මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇත. අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු…
මහනුවර නගරයේ පවතින භූගත උමං මාර්ග ඔස්සේ පාර හරහා මාරු නොවන පදිකයින්ට එරෙහිව ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. පදිකයින්ට බාධා වන අයුරින් ඉදිකර ඇති මල් වෙළෙඳසැල් පවත්වාගෙන යන ස්ථාන සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. මහනුවර නගරයේ මාර්ග නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙම අදහස් පළ කළේය. “අපි පහුගිය දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගත්තා භූගත මාර්ග ක්‍රියාකාරීව භාවිත වෙන්නේ නෑ. අපේ නිරීක්ෂණයට අනුව එහෙම භාවිත නොවන ප්‍රධානම හේතුව තමයි දිගටම පාර දෙපැත්තේ තියෙනවා මල් විකුණන අලෙවි සැල්. ඒ නිසා මාර්ගය අවහිර වෙලා තියෙනවා. ඉතින්…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර මාලදිවයින රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ. මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන්ය.
සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, “අද තරුණ තරුණියෝ නිසි අවබෝධයකින් තොරව තම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සිදුකරනවා, විවාහ ජීවිතය තාවකාලික අත්දැකීමක් ලෙස සලකනවා. විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා. සමලිංගික විවාහ ප්‍රචාරය කරන්නට කටයුතු කරනවා. මේක මානව අයිතිවාසිකමක්ලු ?, කොහොමද එහෙම වෙන්නේ ?, කොහොමද පිරිමි දෙන්නෙක් පවුලක් හදන්නේ ?, කොහොමද දරුවෝ ලබන්නේ ?. එදා තරුණ පිරිස් විවාහයට පෙර හමුවුණේ දෙමාපිය රැකවරණය යටතේ හෝ ඔවුන්ගේ…
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ අනුව ඔහු මෙරට 49 වන අගවිනිසුරුවරයා වෙයි. අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම යාමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කරන ලදී. 1989 වසරේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්‍රීති පද්මන් සූරසේන මහතා, ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවට එක්ව රජයේ නීතිඥවරයකු ලෙස සේවය කළ අතර 2007 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් විය. 2016 වසරේදී අභියාචනාධිකරණ විනිසුරු ධුරයට පත් වූ ඔහු 2018 වසරේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා…
නැගෙනහිර පළාතේ සංඝනායක හිමි නමක් උන්වහන්සේට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පුවත් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සදහන් වන්නේ එම සංඝනායක හිමි නමට ලබා දී තිබූ අරක්ෂාව ඉවත් කිරීමට කටයුතු සිදු කර නොමැති බවය. එමෙන්ම උන්වහන්සේට ලබා දී තිබූ අරක්ෂාව පෙර පරිදිම ලබාදීමට කටයුතු කර ඇති බවද එම නිවේදනයේ සදහන්.
යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනීවළ තුළ සිව්වන අදියරේ කැනීම් කටයුතු හය වන දිනටත් ඊයේ (26) පවත්වා ඇති අතර එහිදී තවත් මිනිස් සිරුරු 11කට අදාළ අස්ථි කොටස් මතුකරගත් බපව කැනීම් නිලධාරීන් පවසයි. කැනීම් නිලධාරීන් පැවසුවේ සමූහ මිනීවළ තුළින් මේ වන විට මිනිස් සිරුරු 101කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති බවත් මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස්ද ගොඩගෙන ඇති බවය. 2025 පෙබරවාරි මස 20 වැනි දින යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී පළමු වරට මෙම අස්ථි කොටස් සංවර්ධන කටයුතු සිදුකළ පිරිස විසින් දැක තිබුණි. පසුව ඔවුන් මේ සම්බන්ධව යාපනය පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර…