Author: LFN
පුනර්ජනනීය බලශක්ති සංගම් 06ක නියෝජිතයින් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් සිදුව තිබේ. ඊයේ (02) පස්වරුවේ එම හමුව සිදුව ඇති බව අමාත්‍යවරයා පැවසීය. මෙම හමුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන්ද එක්ව සිටි බව සඳහන් වේ.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
විදෙස්ගත ඉන්දීය ජාතිකයින් විසින් ඔවුන්ගේ මව් රටට මෙම වසරේදී ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ එවනු ඇති බවට ලෝක බැංකුව පවසයි. ලොව එක් රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බව එම වාර්තාවේ සඳහන් වෙයි. එම වර්ධනයට හේතුවී ඇත්තේ අමෙරිකාව ඇතුළු අනෙකුත් සංවර්ධිත රටවල රැකියා වෙළෙඳපොළවල වැටුප් වැඩිවීම බව සඳහන් ය. එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ විදෙස්ගත පිරිස් විසින් සිය මව් රටවලට එවන මුදල් 5% මේ වසරේ වර්ධනය වී ඇති බවය.
අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙි වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන්න සූදානම් විය යුතු යැයිද මැතිවරණ කොමිසමේ නිලධාරීනුත් ඩබල් ගේම් දැයි සැකයක් තිබෙන බවද නලින් බණ්ඩාර මහතා කීය. මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පැහැදිලිවම බලය තියෙන බවද බලතල තියෙන්නේ ක්‍රියාත්මක කරන්න මිස කඩුව මැද මැද එහාට මෙහාට ගිහින් ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න නොවේ යැයිද නලින් බණ්ඩාර මහතා පැවසීය. ජනාධිපති දෙන නියෝග අනුව නොව මැතිවරණ කොමිසමේ බලතල අනුව ක්‍රියාත්මක වෙන්නැයි ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර මහතා කීය.
බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි. මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මෙම කරුණු හෙළිවී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි. බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි. බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින…
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 148කට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වෙයි. ඔවුන් පොදුවේ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා වැයකළ මුදලින් සියයට 57 ක ප්‍රමාණයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැය කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියයට 43 ක ප්‍රමාණයක් වැය කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 සිට…
ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනට ආරාධනා කර තිබේ. දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම ආරාධනය සිදුකර ඇත. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අධි තාක්ෂණික අංශයේ, කෘෂිකර්මාන්තයේ, ධීවර සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කිරීම සඳහා මාලදිවයිනට ආරාධනා කරන බවය. එසේම මත්ද්‍රව්‍ය උවදුර පාලනයටත් එක්ව කටයුතු කළයුුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම් මහතා අතර පැවැති හමුවේදී කරුණු සාකච්ඡා වී තිබේ.
නව දේශපාලන පක්ෂ 07ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය. පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය යන පක්ෂ මෙලෙස පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
සංචාරක වීසා මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පිටත්වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි පුද්ගලයින් 09 දෙනෙකු රඳවාගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පරීක්ෂා කිරීමේදී, ඉන් 09 දෙනෙකු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා යෑමට උත්සහ කර ඇති බව හෙළිවූ බවය. කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු මෙම පිරිසට අයත් ය. මෙම පිරිස මැලේසියාවට රැගෙනයෑමට ජාවාරම්කරුවන් උත්සහ කර තිබේ. ගුවන් තොටුපොළේදී, ඔවුන් සංචාරක වීසා මගින් විදේශ ගතවීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ…
අතුරුදන්වී සිටින තරුණයෙකු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ. මාවනැල්ල පොලීසිය දැනුම්දෙන්නේ විදූෂික නවාංජන බණ්ඩාර නමැති 20 හැවිරිදි මෙම තරුණයා අතුරුදන්වී ඇති බවට ඔහුගේ මව විසින් ඉකුත් 19 වනදා පැමිණිල්ලක් සිදුකළ බවය. මව, පියා සහ සහෝදරිය සමග හිඟුල, මානික්කාව වත්ත ප්‍රදේශයේ ජීවත්වී ඇති එම තරුණයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු 2022 ජුනි මසදී පැවැදිවීම සඳහා පුත්තලම ආණමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත ගොස් තිබේ. පසුව ඔක්තෝබර් මසදී දෙමාව්පියන් බැලීම සඳහා නිවසට පැමිණ නැවත විහාරස්ථානය වෙත යෑම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇත. එසේ යන අතරතුර අවසන්වරට පැමිණිලිකාරියගේ සහෝදරියගේ දුරකථනයට ඇමතුමක් ගෙන කෑගල්ලේ සිටින බවට ප්‍රකාශ කර තිබූ බව…