Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාරදෙන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇල්ල ව්‍යාපාරිකයින්ගේ සංගමය සමග අද (16) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් දී තිබේ. සංචාරක ආකර්ෂණය ලක්වී ඇති ඇල්ල සංචාරක කලාපය විධිමත්ව හා නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපතිවරයා, සංචාරක ආකර්ෂණයට බාධා නොවන ලෙස සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කරගනිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරිමේ වැදගත්කම ද පැහැදිලි…
විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමත් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ළඟ තබාගත් කෙනෙකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමට පෙර තහනමට ලක් කර තිබුණේ මත්ද්‍රව්‍ය වර්ග 4ක් බවත් මේ වන විට මත්ද්‍රව්‍ය වර්ග 178ක් ඒ යටතේ උපලේඛන ගත කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා අද (16) පැවති වැඩසටහනක දීය. මේ වන විට පාසල් පද්ධතියට මත්ද්‍රව්‍ය දැඩිව බලපැම් ඇති කරන බැවින් එය වළක්වාගැනීම සඳහා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට විශේෂ පුහුණු වැඩසටහනක්…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියම කළේය. මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට දින නියම කළේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා…
පේරාදේණි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයට පහර දුන්නේ යැයි කියන සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් 12 අතරින් එක් සිසුවෙක් එම සිද්ධියට සම්බන්ධ නොමැති බවත් මෙම අත්අඩංගුවට ගැනීමෙන් සිසුවාගේ මානව හිමිකම් කඩවී ඇති බවත් එම සිසුවාගේ දෙමව්පියන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. එම සිසුවාගේ දෙම්පියන් සහ පේරාදේණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් එම පැමිණිල්ල එම කොමිසමට භාරදී තිබේ.
පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සම් අද (16) ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුනි.
කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. දකුණු මුහුදු තීරයේදී මෙම යාත්‍රා 2 නාවික හමුදා භාරයට ගෙන ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි. මෙහිදී අදාළ යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් පිරිසක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
කළුතර පාසල් සිසුන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර උතුර පොලිසිය විසින් සිදුකරන ලදී . මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඩාලී නිළ සුනඛයාද පරීක්ෂා කිරීම් සදහා කැදවා තිබුණි, පාසල් සිසුන් අයිස් මත්ද්‍රව්‍යවලට පොළඹ වන බවට ලැබී ඇති තොරතුරු අනුව දිවයිනපුරා පාසල්වල මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත. දිවයින පුරා බොහෝ පාසල් අසල අද දිනයේ පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් ඊයේ (15) රාත්‍රීයේ බඩෝවිට ප්‍රදේශයේදි සිදු කළ වැටලීමකදි හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සැකපිට පුද්ගලයෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගත් බවට වාර්තාවේ. ඉදිරි පරීක්ෂණ කටයුතු කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිදු කරනු ලබයි.
සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේ වන විට සිදුකර අවසන් බවය. එමෙන්ම පිරිපහදුවේ ටැංකි සංකීර්ණය වෙත අදාළ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ. ඉදිරියේ දී පිරිපහදු නිෂ්පාදන කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇති බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය. ඒ අනුව පූර්ණ…