Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මත නිකුත් කළ ගැසට් නිවේදනය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරු සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන මාර්තු මස 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. වයස අවුරුදු 60 දී තමන්ව විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබාදුන්නා. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා. පෙත්සම කැදවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළ…
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම්පත් කැඳවීම අද සිට සිදු කෙරෙනවා. එය ලබන 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව සියලුම පාසැල් අයදුම්කරුවන් තම පාසැලේ විදුහල්පතිවරයා මඟින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eis මඟින්ද නිල ජංගම දුරකතන යෙදුමක් වන Exams SRILANKA වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදි අයදුම්පත් ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව…
ජර්මන් ජාතික සංචාරක නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. මෙරට දින 07 ක අධ්‍යයන චාරිකාවක් සඳහා එම පිරිස අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තාවේ. ඔවුන් මෙම කාලසීමාව තුළ හබරණ, දඹුල්ල, මහනුවර, නුවරඑළිය, බෙන්තොට සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි. මෙම සංචාරක නියෝජිතයන් පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව වාර්තාවේ.
තලංගම පොලීසියට ලද පැමිණිලි 03 ක් මත විමර්ශන ආරම්භ කර තිබෙන අතර ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මඟින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මුදල් වංචාව සිදුකර ඇත. සැකකරු සන්තකයේ තිබී පැමිණිකරුවන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 65 යන වයස්වල මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
බංග්ලාදේශ එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක චන්දික හතුරුසිංහ නැවතත් තේරී පත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. හතුරුසිංහ 2014 සිට 2017 දක්වා ද එරට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර පසුව ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය. පසුව හතුරුසිංහ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සහායක පුහුණුකරු ලෙස එක්විය. ඔහු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ක්‍රිකට් බලධාරීන් පැවසුවේ හතුරුසිංහ එම තනතුරෙන් ඉවත්වූ බවය. බංග්ලාදේශ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කළ රසල් ඩොමින්ගෝ පසුගියදා ඉල්ලා අස්විය.
මානිප්පායි පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේ ලොරි රථ රියදුරෙක් බියගන්වා ලොරි රථය පැහැරගෙන ගොස් තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ලොරිය නවතා දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිටිය දී යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් රියදුරුව බියගන්වා ඇති බවය. පසුව ලොරිය කොල්ල කා ඔවුන් පළා ගොස් ඇත. මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් මත මානිප්පායි පොලිස් ස්ථානය විසින් කොල්ලකන ලද ලොරිය සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අවුරුදු 33ක් වන ආනකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද (01) මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කර ඊයේ (31) ට වසර 3ක් සැපිරුණි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසන්නේ කොවිඩ් වසංගතය සංක්‍රාන්ති සමයකට පැමිණ ඇති නමුත් තවමත් එහි අවදානම පහව ගොස් නොමැති බවය. කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් බලපැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. මේ අනුව උපරිම සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීම් තවදුරටත් පවත්වාගත යුතු බව එම සංවිධානය වැඩිදුරටත් දන්වා තිබුණි. ගෝලීය වසංගතය මේ වනවිට සංක්‍රාන්ති සමයකට එළඹ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණි. කෙසේ නමුත් ඉන් තවදුරටත් ඇතිවිය හැකි බලපෑම සීමාකිරීම සඳහා වසංගතය වඩාත් සැලකිල්ලෙන් කළමනාකරණය කරගත යුතු බවත් ඔවුන්…
75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියාසිටියේ, නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා, “විශේෂයෙන් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනේ, මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම පෙරහුරු පැවැත්වෙන පළවෙනි දින, දෙවන දින සහ තුන්වන දින උදෑසන කාලසීමාවත්, ඒ වගේම 4 වන දින මේ උත්සවය පැවැත්වෙන කාලසීමාවෙත් විකල්ප මාර්ග භාවිත කරන්න. මේ මාර්ගම භාවිත…
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් නූලන්ඩ් මහත්මිය ට සිය ස්තූතිය පළ කර ඇත. මේ අතර ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙන තුරු තවදුරටත් සහාය දැක්වීමට ද නූලන්ඩ් මහත්මිය සිය එකඟත්වය පළ කර තිබේ.
ගොඩබිම ප්‍රදේශ, දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ නිරිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද උදෑසන 10ට අදාළ නිවේදනය නිකුත් කර ඇති අතර, එය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. ඒ අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ආසන්නව බටහිර දෙසට ගමන් කරමින් පවතින අතර, අද (01) උදෑසන 5.30ට මඩකලපුවට කිලෝමීටර 110ක් පමණ නැගෙනහිරට බරව ගිනිකොණ දෙසට වන්නට කේන්ද්‍රගතව පවතී. එම පද්ධතිය බටහිරට බරව නිරිත දෙසට හැරී ගමන්කර අද නැගෙනහිර වෙරළ තීරය වෙත ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ රතු නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ හේතුවෙන් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය…