Author: LFN
ඔස්ට්රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබේ. ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව දී තිබේ. 31 හැවිරිදි ගුණතිලක අද (23) සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත්කර තිබුණි. ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 4ක් ගොනුකර ඇති අතර ඔහු මෙතෙක් වරද පිළිගෙන නැත.
ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්රී ලංකා සුපිරි ක්රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ. ප්රසාද ලකුණු 695ක් ලබාගනිමින් ඔහු එහි ප්රථම ස්ථානයට පැමිණ ඇත. එසේම විස්සයි විස්ස තුන් ඉරියව් ක්රීඩක ශ්රේණිගත කිරීම්වලද වනිඳු හසරංග සිව්වන ස්ථානයේ රැඳී සිටී. ප්රසාද ලකුණු 175ක් ලබාගනිමින් වනිඳු එම ස්ථානයේ රැඳී සිටී. මේ අතර ICCයේ එක්දින තුන් ඉරියව් ක්රීඩක ශ්රේණිගත කිරීම්වල ප්රසාද ලකුණු 240ක් ලබාගනිමින් වනිඳු හසරංග 7 වන ස්ථානයේ රැඳී සිටී.
මන්ත්රීවරුන්ට දෙන සියලු වරප්රසාද සිය ආණ්ඩුවක් තුළ ඉවත් කර ඔවුන්ද සාමාන්ය රාජ්ය සේවකයින්ගේ තත්ත්වයට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. බදුල්ලේ පැවති ජනරැලියක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරුන්ගේ විශ්රාම වැටුප මෙන්ම අමාත්යවරුන්ට ලබාදී ඇති අසීමිත වරප්රසාද ද අහෝසි කරන බවය.
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ ඇමති තනතුරු භාරගෙන කිසිවක් නොකළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අද නව බලවේගයක් ලෙස පෙනීසිටිමින් ජනතාව රවටන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නොච්චියාගම පැවති ජන රැලියකදීය.
මෙරට සුළං විදුලි බලාගාර දෙකක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව අදානි ග්රීන් එනර්ජි සමාගමට මන්නාරම සහ පුනරීන් හි සුළං විදුලි බලාගාර දෙකක් සඳහා ආයෝජනයට අවස්ථාව හිමිවෙයි. මෙම ව්යාපෘති සඳහා එම සමාගම ආයෝජනයට සැරසෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 442කි. මෙම සුළං විදුලි බලාගාර හරහා මෙගාවොට් 350ක ධාරිතාවයක් උත්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ.
අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. හඳුනාගත් අලිමංකඩ 16ක් යළි වන අලින් සඳහා විවෘත කිරීම, ඒ යටතේ සිදුකිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව අදාළ අලිමංකඩවල පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව සඳහන්ය. වනජිවි කලාප මට්ටමින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කර තිබේ. මේ වසර තුළ දී අදාළ වැඩසටහන යටතේ අලිමංකඩ කිහිපයක් වන අලින් සඳහා යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර පසුගිය වසර තුළ දී පමණ අලි මිනිස් ගැටුම්…
ත්රිරෝද රථ සොරකම් කිරීමේ සිද්ධි ගණනාවකට සම්බන්ධ සැකකරුවෙක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) එම නිලධාරින් විසින් මිරිහාන පොලිස් වසමේ පිටකෝට්ටේ දී සිදුකළ මෙහෙයුමක් අතරතුර හෙරොයින් ග්රෑම් 5යි මිලිග්රෑම් 560ක් සමග සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 31ක් වූ නාවල පාර, රාජගිරිය ප්රදේශයේ පදිංචිකරුවෙකි සැකකරුගෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී තලංගම, කඩුවෙල, ග්රෑන්ඩ්පාස්, කොටුව හා කිරිබත්ගොඩ යන පොලිස් වසම්වලදී සොරකම් කරන ලද ත්රීරෝද රථ 5ක් පොලීසිය සොයාගෙන ඇත. සැකකරුව අද (23) නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබේ. ශ්රී ලංකා රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් එම බිත්තර තොගය ආනයනය කිරීමට නියමිතය. ඉන්දියාවේ සිට බිත්තර මිලියන දෙකකට ආසන්න සංඛ්යාවක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේ ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර බිත්තර ආනයනය සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. මුදල් අමාත්යාංශය විසින් බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද පෙබරවාරි 21 වැනිදා සිට ශ්රී ලංකා රාජ්ය…
මධ්යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට මුල්ය ප්රතිපාදන නොමැති බව ප්රකාශ කර ඇති හෙයින් ඊට දායකවීමට පාදුක්ක ප්රදේශයේ ඡන්දදායකයින් පිරිසක් අද (22) කටයුතු කර තිබුණි. ඒ අනුව මැතිවරණ කොමිසමට මුදල් ඇනවුම් යොමු කිරීමට පාදුක්ක ප්රදේශයේ ඡන්දදායකයන් පිරිසක් එලෙස අද කටයුතු කර තිබේ. මෙම ඡන්දදායකයින් පිරිස පාදුක්ක තැපැල් කාර්යාලයට පැමිණ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නමට රුපියල් 100 සහ 200 යනාදී අගයන්වල මුදල් ඇනවුම්පත් යොමු කිරීමට පියවර ගෙන තිබුණි. මේ අතර පළාත් පාලන ඡන්දය දැනට ප්රකාශ කර ඇති දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ඊට වගකිව යුත්තේ රාජ්ය නිලධාරින් නොව තීරණ ගන්නා දේශපාලන අධිකාරිය බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා…