Author: LFN

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරෙන එළඹෙන සිකුරාදා යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක් සකස් කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අගරදගුරු මැදුරේ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පිළිතුරු ලබා දුන්නේය. “පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සත්‍ය සහ යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 සිකුරාදා ශක්තිමත් ජන පවුරක් ඉදිකරන්න ජාති ආගම් භේදයකින් තොරව එකතුවෙන ලෙසට අපි අපේ රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ජන පවුර හදන්නේ අප්‍රේල් 21 උදේ 8 සිට පෙරවරු 9…

Read More

මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් පනවා තිබේ. එහෙත් වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලටය. මේ තත්ත්වය මත වෙළෙඳපොළේ බිත්තර හිඟයක්ද මතු වූ අතර, ඊයේ දින බිත්තර බර අනුව විකුණන අයුරු පිටකොටුවේදී දක්නට ලැබුණි. එලෙස බිත්තර බර අනුව විකිණීම නීතියට පටහැනි බැවින් එම වෙළෙඳසැලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය. මෙවන් පසුබිමක මැයි මස පළමු වනදා සිට රජයේ පාලන මිලට අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (17) ප්‍රකාශ කළේය. එහි සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේ ඉන් පසුවත් ක්‍රමානුකූලව…

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

චීනයට ශ්‍රී ලංකාවෙන් රිළවුන් ලබාදිය හැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත්කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා පැවසුවේ චීනයේ පුද්ගලික සත්ත්වෝද්‍යාන 1,000ක් පමණ පවත්වාගෙන යන සමාගමක් විසින් ඔවුන්ගේ සත්ත්වෝද්‍යාන සඳහා ශ්‍රී ලංකාවේ රිළවුන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බවය. “එම ඉල්ලීම සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් වගාවන්ට සිදුවන සත්ත්ව හානි සම්බන්ධව ඉදිරිපත් වන කාරණා ගැන නියම තොරතුරු අපි දන්නවා. බොහෝ පරිසරවේදීන් හා පරිසර සංවිධාන වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි සම්බන්ධව වගකීමක් සහිතව කටයුතු කරනවා . ඒ වගේම තවත් සමහරු වල්ගේ පාගා ගෙන කතා කරන…

Read More

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ. එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟපානු ලබන්නේ ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසිනි. මෙම චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් නිපදවෙන අතර එය හින්දි සහ තෙළිඟු භාෂාවලින්ද නිකුත් කිරීමට සැලසුම්කර තිබේ.

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (17) දිනයේ ද අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් කිහිපයකත් එම තත්ත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා, “මේ කියන ඇඟට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට එළිමහනේ කටයුතු කිරීමේ දී අධික වෙහෙසකර කටයුතුවලින් වැළකී ඉන්නවා නම් හොඳයි. ඒ වගේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අද දිනයේ…

Read More

මැයි මස පළමුවන දින සිට පාලන මිලට අඩුවෙන් පාරිභෝගිකයින්ට බිත්තර ලබාදීමට කටයුතු කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. කෙසේවෙතත් එදින තෙක් පාලන මිලට බිත්තර අලෙවි කිරීම දුෂ්කර බව එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේය. “අපි මිල බැස්සුවට ඉල්ලුම නිසා වෙළෙඳ මහත්තුරු ඇවිල්ලා රුපියල් 46 – 47ට මේ බිත්තරය අරන් යනවා. ඒක අපට නවත්වන්න බෑ. අපි පාරිභෝගික අධිකාරියට කියන්නේ අපිට පහුගිය ටිකේම දඩ ගැහුවා. ඒ වුණත් පාරිභෝගික අධිකාරියට තාම බැරිවුණා නිත්‍යානුකූලව බිත්තරයක් පාලන මිලෙන් පහළට ගන්න. හේතුව ඉල්ලුම හා සැපයුමට තියෙන හිඟතාවය නිසා. මම හිතන්නේ මාස 8ක් විතර මේ ගොවියට පාරිභෝගික අධිකාරිය සෑහෙන හිරිහැරයක් කළා. මම පාරිභෝගික අධිකාරියට හා…

Read More

sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் සම්භාහන මධ්‍යස්ථානයට ගිය ප්‍රංශ යුවතියට සිදුවු අකරතැබ්බය April 17, 2023 10:05 am සම්භාහන සේවාවක් ලබාගැනීමට ගිය ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව පැවසෙන අයෙකුව සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකුව තොඩුවාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රංශ ජාතික කාන්තාව විසින් තොඩුවාව පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල – තල්විල ප්‍රදේශයේ සම්භාහන ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙක්ව සහ එහි සේවය කළ අයෙකුවය. සැකකරුවන් විසින් පවත්වා ගෙන ගිය සම්භාහන ආයතනය බලපත්‍ර ලබා නොගන පවත්වා ගෙන ගිය එකක් බවටද පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය…

Read More

සිංහල අලුත් අවුරුදු දිනයේ බීමත්ව නිවෙසට පැමිණ පියාට පහර දී නිවසේ තිබූ දේපොළවලට පහරදී අලාභානි සිදු කළ බව කියන කුරුණෑගල ,අලව්ව පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් වලස්මුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ පෙරේදා 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිසිය කියයි. කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් පිට මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩතහනම් කර ඇත. අලව්ව පොලිසියෙන් රාජකාරී නිවාඩු ලබා‍ෙ සිංහල අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් වලස්මුල්ල කිරම ප්‍රදේශයේ පිහිටි නිවසටමෙම කොස්තාපල්වරයා පැමිණ දාහතර වෙනිදා රාත්‍රියේ ප්‍රදේශයේ පැවති සංගීත සන්දර්ශනයක් නැරඹීමට ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More