පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ නිල වශයෙන් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇත.
එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන්ට වරමක් ලැබී ඇත්තේ ඡන්ද පැවැත්වීමට නොව රටේ වැටී තිබෙන අගාධයෙන් වසර දෙකක් ඇතුළත ගොඩගැනීමට බවය.
එම වරමින් පිටතට ගොස් ක්‍රියාකිරීමට සුදානම් නොමැති බවද එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ට දැනුම් දී ඇති බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.