Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අධිකරණවල නඩු ලක්ෂ 11 ක් ගොඩ ගැහිලා විසි හයදහසක් බන්ධනාගාරවල රඳවලා
    Local News

    අධිකරණවල නඩු ලක්ෂ 11 ක් ගොඩ ගැහිලා විසි හයදහසක් බන්ධනාගාරවල රඳවලා

    By LFNJanuary 2, 2023No Comments2 Mins Read299 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිගු ගමනක් සඳහා අවශ්‍ය නව නීති ප්‍රතිසංස්කරණ 22 ක්  පසුගිය මාස හය තුළ සම්මත කළ බවත් ජාතික සමගිය හා සංහිදියාව ගොඩ නැංවීම ජනතාව රැවටීමට නොව හදවතින්ම සිදු කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

    එසේම පසුගිය කාලයේ අරාජික වු රට වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශක්තිමත්ව ඉදිරියට යන බවත් අමාත්‍යවරයා පැවැසීය.

    2023 නව වසර වෙනුවෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ උත්සවය අමතමින් ඔහු මේ බව පැවැසීය.

    මහජන බදු මුදලින් වැටුප් ලබන මහජන සේවකයින් ලෙස අපි සියලු දෙනා සේවය කළ යුතු වන්නේ මහජන සුභ සිද්ධිය සදහා වන අතර, ඒ සදහා 2023 නව වසරේ පවතින බාධාවන් අභියෝග හමුවේ වුව ද දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍වරයා පැවසීය.

    නීතියේ ආධිපත්‍යය ආරක්ෂා නොවන හා යුක්තිය ඉටුවීමේදී ප්‍රමාදයන් සිදු වන රටක් ලෙස අපේ රටට චෝදනා එල්ලව ඇති බවත්, එවැනි තත්වයක් පැවතීම ආයෝජකයින් පැමිණීමට බාධාවන් වන බවත්, එබැවින් එම චෝදනාවන්ගෙන් අත්මිදීම වෙනුවෙන් කටයුතු සිදු කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවැසීය.
    පසුගිය කාලය තුළ පැවති කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය ඇතුළු තත්වය හේතුවෙන් අධිකරණවල නඩු ලක්ෂ 11 ක් ගොඩ ගැසී පැවතීම මෙන්ම විසි හයදහසක් පුද්ගලයින් බන්ධනාගාර ගත කර සිටීම බරපතල තත්වයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය කාලය තුල උද්ගත වු ආර්ථික ආර්බුදය හේතුවෙන් අරාජික තත්වයට පත් වු රට භාර ගැනීමට පවා කිසිවෙකු ඉදිරිපත් නොවු අතර එවැනි වටපිටාවක් තුළ වත්මන් ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ කිසියම් සහනදායී වටපිටාවක් නිර්මාණය වී රට යථා තත්වයට පත්වෙමින් ඇති බව ද අමාත්‍යතුමා පැවසීය.

    නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා  නව නීති ප්‍රතිසංස්කරණ 22 ක් පමණ පසුගිය මාස හය තුළ සම්මත කර ඇති බවත්, නීති සකස් කිරීම සිදු කරනවා සේම එම නීති ක්‍රියාත්මක කිරීමට ආදාළ ආයතන කටයුතු කිරීම අත්‍යවශ්‍යම බවත්, රටේ මේ වන විට පවතින තත්වය පිළිබදව ගැඹුරින් සලකා බලා නීති පද්ධතිය උඩු යටිකුරු කිරීම සදහා දුෂණ විරෝධී පනත කඩිනමින් සම්මත කර ගන්නා බවත්, අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.

    ජාතීන් අතර බිදවැටුණු සංහිදියාව ගොඩ නැංවීමේ කාර්යයේදී භාරදුර කාර්ය භාරයක් අධිකරණ අමාත්‍යාංශයට පැවරී ඇති බැවින් ජාතික සමගිය හා සංහිදියාව ගොඩ නැංවීම ජනතාව රැවටීමට නොව හදවතින්ම සිදු කරන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට හා සත්‍ය සෙවීමේ කොමිෂම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍වරයා වැඩිදුරටත් සදහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.