උතුරු කොරියාව විසින් කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසයි.
කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදු තීරයට අදාළ මිසයිල එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දකුණු කොරියාවේ ගුවන් සීමාවට ඩ්‍රෝන යානා පියාසර කර දින 05කට පසු එම මිසයිල එල්ල කර තිබේ.
මේ වසරේ තුළ උතුරු කොරියාව විසින් විශාල මිසයිල ප්‍රමාණයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.