Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»මිකී ආතර් පාකිස්ථානයට යන ලකුණු
    Sport

    මිකී ආතර් පාකිස්ථානයට යන ලකුණු

    By LFNDecember 28, 2022No Comments2 Mins Read233 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුනුකරු මිකී ආතර් , පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කිරිමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

    කණ්ඩායමේ වත්මන් පූහුණුකරු සක්ලේන් මුෂ්ඨාක්ගේ ධුර කාළය ඒළඹෙන වර්ෂයේ මුලදී අවසන් වීම නිසා මිකී ආතර් මෙලෙස කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කරයි.

    දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මීට පෙර 2016 වර්ෂයේදී සිට 2019 දක්වා පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කර ඇත.

    කෙසේ වෙතත් ඔහුව නැවත කණ්ඩායමට රැගෙන ඒමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති නජාම් සේතිද උත්සාහ කරන බව වාර්තා වේ.

    මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ පාකිස්ථානය 2017 වර්ෂයේ චැම්පියන්ස් ලීග් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත්වූහ. එමෙන්ම විස්සයි විස්ස ලොව අංක ඒකේ කණ්ඩායම ලෙසින්ද ඔවුන් එහිදී පිදුම් ලැබීය.

    පාකිස්ථානු කණ්ඩායමෙන් ඉවත්වීමෙන් පසු මීකී ආතර් කළක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේද ප්‍රධාන පුහුනුකරු ලෙසින් ක්‍රියා කළ අතර අනතුරුව ඔහු මෙවර එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල ඔ්රා කණ්ඩායමේද ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කලේය.

    කෙසේ වෙතත් ඔහුගේ කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුනු සටහනේ අවසන් ස්ථානය හිමිකර ගැණීම නිසා අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත්විය.

    මේ අතර පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති හා ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ රමීස් රාජා චෝදනා කරන්නේ පාකිස්ථාන ක්‍රික්ට් ආයතනය අත්තනෝමතික ලෙස එහි නිළධාරීන් ඉවත් කිරීමට ක්‍රියා කරන බවයි.

    සිය සභාපති ධුරය අහිමිවීමෙන් පසු පළමුවරට මාධ්‍යයට අදහස් දක්වමින් රමීස් මේ බව පවසා ඇත. ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ තරග සංචාරයක් මැදදී මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම පාකිස්ථාන ක්‍රිකට් ආයතනය හිටපු ක්‍රිඩකයින්ට කරන අගෞරවයක් බවයි. එමෙන්ම එහි වත්මන් සභාපති නජාම් සේති ක්‍රිකට් පිළිබඳ දැනුමක් නැති, ක්‍රිකට් ක්‍රීඩා නොකළ අයෙකු ලෙසින්ද ඔහු මෙහිදී හඳුන්වා දී ඇත.

    පසුගය සතියේදී පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ධුරයෙන් රමීස් රාජාව ඉවත් කෙරුණි. ඊට ආසන්නම හේතුව වූයේ පාකිස්ථානය ටෙස්ට් පිටියේදී දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශයයි. ඔවුන් 2022 වර්ෂයේදී ටෙස්ට් තරග 8 කට සහභාගි වී ඉන් ජයගෙන තිබුනේ ඒක් තරගයක් පමණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.