Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 2025

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාව සමග තරගාවලියට එන ඉන්දීය සංචිතය මෙන්න
    Sport

    ශ්‍රී ලංකාව සමග තරගාවලියට එන ඉන්දීය සංචිතය මෙන්න

    By LFNDecember 28, 2022No Comments2 Mins Read269 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත.

    තරගාවලියට සහභාගි වන විස්සයි විස්ස හා ඒක්දින සංචිත අද (27දා) රාත්‍රී නම් කලේය. එහි විස්සයි විස්ස තරගාවලියේදී අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන විරාත් කෝලි, රෝහිත් ෂර්මා හා කේ.එල්. රාහුල් විවේක ගන්වා ඇති අතර සංචිතයේ  උප නායකත්වය ප්‍රහාරාත්මක පිතිකරු සූර්යකුමාර් යාදව්ට හිමිවී ඇත.

    මෙහිදී කඩුළු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ් වෙනුවට ප්‍රහාරාත්මක පිතිකරු ඉෂාන් කිෂාන් නැවතත් කණ්ඩායමට කැඳවා ඇත.

    එමෙන්ම විස්සයි විස්ස සංචිතයට රුටුරාජ් ගායික්වාද්, සංජු සැම්සන්, උම්රාන් මලික්, ෂිවම් මාව, මුකේෂ් කුමාර් වැනි ක්‍රීඩකයින්ද ඇතුලත්ව ඇත.

    කෙසේ වෙතත් එක්දින සංචිතයට විරාත් කෝලි හා කේ.එල්. රාහුල් ඇතුලත්ව ඇති අතර ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් හා රිෂාබ් පාන්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇත. මෙම තරගාවලියේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිවද්දී උපනායකත්වය හිමිවී ඇත්තේ හර්දික් පාණ්ඩ්‍යාටයි.

    තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ජනවාරි තෙවැනිදා මුම්බායි හිදී ආරම්භ වේ. ඉන් අනතුරුව තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ජනවාරි 10 වැනිදා ආරම්භ වේ.

     

    විස්සයි විස්ස තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය

    හර්දික් පාණ්ඩ්‍යා (නායක), ඉෂාන් කිෂාන්, රුටුරාජ් ගායික්වාද්, ෂුබ්මාන් ගිල්, සූර්යකුමාර් යාදව් (උපනායක), දීපක් හූඩා, රාහුල් ත්‍රිපාති, සංජු සැම්සන්, වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, ආක්සාර් පටෙල්, අර්ෂ්දීප් සිං, හර්ෂාල් පටෙල්, උම්රාන් මලික්, ෂිවම් මාවි, මුකේෂ් කුමාර්

     

    ඒක්දින තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය

    රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මාන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ෂ්‍රෙයාස් අයියර්, කේ.ඒල්. රාහුල්, ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා (උපනායක), වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදව්, ආක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, උම්රාන් මලික්, අර්ෂ්දීප් සිං

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 20250121 Views

    ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම…

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.