Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 2025

    දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

    December 7, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»බාබර්, සංගා හා සමවෙයි
    Sport

    බාබර්, සංගා හා සමවෙයි

    By LFNDecember 27, 2022No Comments2 Mins Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අන්තර්ජාතික ක්‍රිකට් තරගවල වසරකදී, වැඩිම ලකුනු 50 ට ඉහළ ඉනිම් ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රිඩකයින් අතර සම පෙරමුණ ගැනීමට පාකිස්ථානයේ බාබර් අසාම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමගින් වීම විශේෂත්වයකි.

    නවසීලන්තය සමගින් කරච්චි හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී නොදැවී ලකුනු 161 ක් ලබා ගැනීමට සමත්වීමත් සමගින් බාබර් මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.

    සංගක්කාර ඉනිම් 56 කදී මෙම වාර්තාව පිහිටුවන විට බාබර් ඒ සඳහා වැය කර ඇත්තේ ඉනිම් 56 කි.  කෙසේ‌ වෙතත් මෙම තරගයේදී දෙවැනි ඉනිමේදී බාබර් අර්ධ ශතකයක් රැස් කළහොත්, සංගාගේ වාර්තාව බිඳ දැමීමට ඔහුට හැකියාවක් ඇත.

    මේ සමගින් ඔහු මේ වසරේ (2022) වැඩිම ටෙස්ට් ලකුණු ලාබීන් අතර එංගලන්තයේ  ජෝ රූට් අබිබවමින් පෙරමුණට පත්වීමට සමත්වී ඇත්තේ ඉනිම් 16 කදී ලකුනු 1170 ක් ලබා ගනිමිනි. කෙසේ වෙතත් ඔහු තවමත් නොදැවුණු ක්‍රීඩකයෙකු නිමා මෙම ලකුණු තවදුරටත් වැඩි විය හැක. බාබර්ගේ ඉනිමක ලකුනු සාමාන්‍යය දැක්වෙන්නේ 78 ක් ලෙසිනි.

    මෙහි දෙවැනි ස්ථානයේ සිටින්නේ ඉනිම් 27 කදී ලකුනු 1098 ක් ලබාගත් එංගලන්තයේ ජෝ රූට්ය. තෙවැනි ස්ථාන‌යේ රැඳී සිටින උස්මාන් කවාජා ඉනිම් 20 කදී ලකුනු 1080 ක් රැස් කරගෙන ඇත.

    එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ මෙහි තෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉනිම් 19 කදී ලකුනු 1061 ක් වාර්තා කරමිනි.

    ටෙස්ට් පිටියේ මෙම වර්ෂයේදී ලකුනු දහස ඉක්මවූ ක්‍රීඩකයින් අතර මෙම ක්‍රීඩකයින් සිව්දෙනා පමණක් රැඳී සිටීම විශේෂත්වයකි.

    බාබර් මෙහීදී පාකිස්ථානයේ වසර 16 ක් පැරණි වාර්තාවක්ද බිඳ හෙලීමට සමත්විය. ඒ් වසරක් තුළ අන්තර්ජාතික ක්‍රිකට් තරග වල වැඩිම ලකුනු සංඛ්‍යාවක් රැස් කිරීමේ වාර්තාවයි. මෙය මීට පෙර 2006 වර්ෂයේදී මොහොමඩ් යූසුෆ් විසින් පිහිටුවා තිබුනේ තරග 33 කදී ලකුනු 2435 ක් රැස් කරමිනි‍.

    මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ පාකිස්ථානය මෙම වර්ෂයේදී ටෙස්ට් පිටියේදී ඉතා දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරද්දී වීම විශේෂත්වයකි.

    ඔවුන් මේ දක්වා තරග 8 කට සහභාගී වී ඉන් ජයගෙන ඇත්තේ ඒක් තරගයක් පමණක් වන අතර  තරග 5 ක් පරාජයට පත්වී ඇත. තරග 2 ක් ජයපැරදුමින් තොරව නිමාවට පත්වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,359 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 20250113 Views

    කල්පිටිය ප්‍රදේශයෙන් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 78ක තොගයක් සොයා ගැනීමේ සිද්ධියට සැකකරුවන් සිව්…

    දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

    December 7, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ප්‍රධාන ජලාශ රැසක් තවදුරටත් වාන් දමයි

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.