Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්

    October 29, 2025

    ඉෂාරාට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් දුන් සැකකාර නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කරයි

    October 29, 2025

    ගින්න හේතුවෙන් මහල් නිවාස සංකීර්ණයේ සිරවී සිටින පිරිස මුදාගැනීමට දැඩි වෙහෙසක්

    October 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»දඹුල්ල ආර්ථිකය කඩා වැටෙයි
    Local News

    දඹුල්ල ආර්ථිකය කඩා වැටෙයි

    By LFNDecember 22, 2022No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින ආර්ථික  පීඩනය අයහපත්  කාලගුණය ඇතුළු  කරුණු කාරණා රැසක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇතැයි එහි සේවකයෝ පෙන්වා දෙති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම් සියයට හැත්තෑ පහකටත් වඩා අඩුවීම එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ විශාල අඩුවක් පැවතීම එළවළු මිල ස්ථාවර නොවී පැයෙන් පැය අතිවිශාල මිල ගණන් යටතේ ඉහළ පහළ යෑම නිසා   ගොවීන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් බරපතළ අර්බුදයකට මුහුණපා තිබෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සේවකයෝ පවසති.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් හිමිකරුවන් මේ දිනවල ආථික මධ්යස්ථානය තුළ දැක ගැනීමට හෝ නොමැති බවත් ඔවුන් විවිධ වෙනත් ව්‍යාපෘති රැකියා සොයාගෙන යන බවත් බහුතරයක් දෙනා ලග්ගල මැණික් ගැරීමේට යොමු වී ඇතැයි  වෙළෙඳ ප්‍රජාව පවසයි.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු ලැබීම අඩු වීමත් සමග එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ අඩුවීමත් ලැබෙන එළවළු වලට ඇතැම් අවස්ථාවලදී සාධාරණ මිලක් නොලැබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

    කෙසේ වෙතත් මේ දින දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ කන්ද උඩරට කැරට්, ලීක්ස් ,බීට් ,බෝංචි,මාළුමිරිස්  ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 250 ත් 400 ත් අතර මිල ගණන් යටතේ අලෙවි වන බව ඔවුහු පෙන්වා දෙති.

    මිට  සමගාමීව පහත රට එළවළු බොහොමයක මිල ද ඉහළ ගොස් තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල හිමිකරුවන් කාලයක සිට නොපැමිණීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානයෙ ද දැඩි අරාජික තත්වයට පත්වෙමින් යන බවත් මේ ආකාරයෙන්  ක්‍රියාත්මක වුවහොත් තව වසරක් යන්නට පෙර ආර්ථික මධ්‍යස්ථානය අකර්මණ්‍ය වනු ඇතැයි එහි වෙළඳ ප්‍රජාව පෙන්වා දෙති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්

    October 29, 2025

    ඉෂාරාට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් දුන් සැකකාර නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කරයි

    October 29, 2025

    ගින්න හේතුවෙන් මහල් නිවාස සංකීර්ණයේ සිරවී සිටින පිරිස මුදාගැනීමට දැඩි වෙහෙසක්

    October 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,329 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    උසස් පොලිස් නිලධාරියෙකු ගැන පොලිස්පතිගෙන් CIDයට පැමිණිල්ලක්

    October 29, 20250110 Views

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පොලිස්පති…

    ඉෂාරාට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් දුන් සැකකාර නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කරයි

    October 29, 2025

    ගින්න හේතුවෙන් මහල් නිවාස සංකීර්ණයේ සිරවී සිටින පිරිස මුදාගැනීමට දැඩි වෙහෙසක්

    October 29, 2025

    රථවාහන ස්ථානීය දඩ ඔන්ලයින් ක්‍රමයෙන් ගෙවීම දෙසැම්බර්යේ සිට

    October 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.