Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මහාචාර්ය චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට

    January 7, 2026

    හෙට දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

    January 7, 2026

    වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 පනී

    January 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»
    Sport

    By LFNDecember 22, 2022No Comments1 Min Read259 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේදී කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

    තරගාවලියේ අවසන්පූර්ව වටයේ දෙවැනි තරගය ලෙස මෙය අද (21දා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී පැවැත්විණි.

    වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර ඒ නිසා තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 18 කට සීමාවිය. තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු නායක ඇන්ජලෝ මැතිව්ස් ගෝල් ක්‍රීඩකයින් පන්දුවට පහරදීමට ආරාධනා කලේය.

    එහිදී ඔවුන් පන්දුවාර 18 කදී කඩුළු 9 ක් දැවී රැස් කලේ ලකුනු 108 ක් පමණි. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ පන්දු 31 කදී හතරේ පහර 3 ක් හා හයේ පහර 3 ක් සමගින් ලකුනු 53 ක් රැස් කලේය. පන්දු යැවීමේදී කලම්බු වෙනුවෙන් බෙනී හොවෙල් කඩුළු 3 ක් දවාලීය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ක්‍රීඩකයෝ පන්දුවාර 16.5 කදී කඩුළු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වූහ. රවී බොපාරා නොදැවී ලකුණු 43 ක් එහිදී රැස් කලේය.

    මෙම තරගයේ ජය සමගින් කලම්බු කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැණීමට හෙට (22දා) කැන්ඩි ෆැල්කන්ස් සමගින් තරග වැදීමට නියමිතය.

    කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පසුගිය අවස්ථා දෙකේදීම අනුශූරතාව හිමකර ගැනීමට සමත්වුවද මෙවර එය ඔවුන්ට ඇහිරී ගියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු විස්සයි20 තරගය අද

    January 7, 2026

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    මහාචාර්ය චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට

    January 7, 20260123 Views

    මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබේ. ඔහු පසුගිය ජනාධිපතිවරණය…

    හෙට දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

    January 7, 2026

    වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 පනී

    January 7, 2026

    ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක්

    January 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.