Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»
    Sport

    By LFNDecember 22, 2022No Comments1 Min Read260 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේදී කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.

    තරගාවලියේ අවසන්පූර්ව වටයේ දෙවැනි තරගය ලෙස මෙය අද (21දා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී පැවැත්විණි.

    වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර ඒ නිසා තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 18 කට සීමාවිය. තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු නායක ඇන්ජලෝ මැතිව්ස් ගෝල් ක්‍රීඩකයින් පන්දුවට පහරදීමට ආරාධනා කලේය.

    එහිදී ඔවුන් පන්දුවාර 18 කදී කඩුළු 9 ක් දැවී රැස් කලේ ලකුනු 108 ක් පමණි. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ පන්දු 31 කදී හතරේ පහර 3 ක් හා හයේ පහර 3 ක් සමගින් ලකුනු 53 ක් රැස් කලේය. පන්දු යැවීමේදී කලම්බු වෙනුවෙන් බෙනී හොවෙල් කඩුළු 3 ක් දවාලීය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ක්‍රීඩකයෝ පන්දුවාර 16.5 කදී කඩුළු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වූහ. රවී බොපාරා නොදැවී ලකුණු 43 ක් එහිදී රැස් කලේය.

    මෙම තරගයේ ජය සමගින් කලම්බු කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැණීමට හෙට (22දා) කැන්ඩි ෆැල්කන්ස් සමගින් තරග වැදීමට නියමිතය.

    කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පසුගිය අවස්ථා දෙකේදීම අනුශූරතාව හිමකර ගැනීමට සමත්වුවද මෙවර එය ඔවුන්ට ඇහිරී ගියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026

    FIFA ප්‍රවේශපත්‍ර මිල ගණන් ගැන විමර්ශනයක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.