Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ජනවාරියේ විදුලි කප්පාදුව සිදුවන අයුරු
    Local News

    ජනවාරියේ විදුලි කප්පාදුව සිදුවන අයුරු

    By LFNDecember 21, 2022No Comments2 Mins Read236 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යනු ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

    ඔහු පවසන්නේ ලබන වසර සඳහා ගල් අඟුරු නෞකා 38ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවද මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ ගල් අඟුරු නෞකා 06ක් පමණක් බවය.

    ඉදිරි විදුලි කප්පාදුව සහ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනක රත්නායක මහතා මේ බව කියා සිටියේය.

    “ගල්අඟුරු අගෝස්තු මාසයේ සිට අද දක්වා අපිට ඇවිල්ලා තියෙන්නේ ගල්අඟුරු නැව් 5යි. තව එකක් එන්නට තියෙනව තව සුමාන දෙකක් ඇතුළත ඒ නිසා තමයි අපි නිර්දේශයක් නිකුත් කළේ, ලංකා විදුලි බලමණ්ඩලයට නොරොච්චෝලයේ බලාගාර 3ම පාවිච්චි නොකර දෙකක් පමණක් පාවිච්චි කරලා ඊළඟ නැව එනතුරු මේ කළමනාකරණය කරගෙන යන්න ඕනේ කියලා. දැන් ප්‍රශ්නය තියෙන්නේ ඉතිරි නැව් 32ක.. අපිට අවුරුද්දකට නැවු 38ක් ඕනේ. දැනට 6ක් ඇවිල්ලා තියෙනවා. ඉතිරි 30ක් හරි 31ක් හරි ගෙන්න ගන්නවානම් එහෙම අපිට තියෙන ප්‍රශ්නය තමයි ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ 15 වනදා වෙනතුරු විතරයි අපිට ගෙන්න ගන්න පුළුවන්. අපිට දවස් 5කට සැරයක් නැවක් ගෙන්න ගත්තොත් අපිට නැවු 20කට වඩා ගෙන්න ගන්න බැහැ මොකද අපිට තියෙන කාලය මාස 4කට සීමා වෙලා තියෙන්නේ. ඒ අනුව ලබන අවුරුද්දේ අනිවාර්යෙන්ම ගල්අඟුරු අවශ්‍ය සංචිත ප්‍රමාණය නැතිවීමේ අවදානමකට අපි ලක්වෙලා තියෙනවා. ඒ අවදානම නිසා තමයි ගල් අඟුරු නැති වුණොත් එහෙම නැවතත් මේ අවුරුද්දේ අර ජනවාරි මාසයේ තිබුණා වගේ දිර්ඝ කාලීන විදුලි කප්පාදුවකට යනවා කියන එකේ පදනමක් තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.