Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දඹුල්ලට එරෙහිව යාපනයෙන් වාර්තාගත ජයක්
    Sport

    දඹුල්ලට එරෙහිව යාපනයෙන් වාර්තාගත ජයක්

    By LFNDecember 12, 2022No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකදී දඹුල්ල ඕරා කණ්ඩාය පරාජය කරමින් වාර්තාගත ජයග්‍රහණයක් අත්කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 240ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. එය එල් පී එල් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක්වුණේ.

    රහමනුල්ලා ගුර්බාස් පන්දු 35කදී ලකුණු 73 ක් රැස් කළේ හතරේ පහර 7 ක් සහ හයේ පහර 5 ක් සමගයි. ඔහුට අනගි සහයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30කදි ලකුණු 54 ක් රැස් කළා. සදීර සමරවික්‍රම පන්දු 22කදී නොදැවී ලකුණු 38 යි. පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 56කට කඩුලු 2 ක් දවාගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ඕරා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 189 ක් පමණයි. දසුන් ශානක පන්දු 23කදී ලකුණු 44ක් රැස් කළා. ඒ, හතරේ පහර 4ක් සහ හයේ පහර 3 ක් සමගයි.

    භානුක රාජපක්‍ෂ පන්දු 31කදී ලකුණු 38යි. පන්දු යැවීමේදී බිනුර ප්‍රනාන්දු ලකුණු 22කට කඩුලු 4ක් දවාගත්තා. සුමින්ද ලක්‍ෂාන් ලකුණු 50ට කඩුළු 2යි.

    ඒ අනුව මෙම තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජයගත්තේ ලකුණු 51 කින්. තරගයේ වීරයා ලෙස රහමනුල්ලා ගුර්බාස් සම්මාන හිමිකර ගත්තා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.