Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026

    නිවසේ සේවිකාව නිරුවත් කරමින් වීඩියෝ කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

    January 19, 2026

    Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පාසල් යන දරුවන් ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්
    Hot News

    පාසල් යන දරුවන් ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

    By LFNDecember 12, 2022No Comments2 Mins Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (12) දිනයේ සාමාන්‍ය පරිදි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

    පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පසුගිය සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය.

    කෙසේවෙතත් මේ වන විට එම අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බැවින් අද සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

    මේ අතර සියලු ක්‍රිස්තියානි පාසල් ද අද දිනයේ සිට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කර තිබේ.

    කෙසේවෙතත් සාමාන්‍ය පරිදි පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.
    මාධ්‍ය කළ විමසීමක දී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ, මේ දිනවල ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතීරීමේ අවධානමක් පවතින බැවින් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළදීම හිතකර බවය.

    “මේ දිනවල පවතින සීතල තත්ත්වයත්, දූවිලි තත්ත්වයත් දෙකම නිසා ළමයින්ට වෛරස් උණ රෝග පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා තව දින කිහිපයක් හෝ සති කිහිපයක් හෝ මේ සීතල තියෙන කල් ළමුන්ට මුව ආවරණ දාගෙන පාසල් යන්න පුළුවන් නම් හොඳයි. මොකද ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග මේ දිනවල බහුලයි. ඒ නිසා පාසල්වල, ඩේකෙයාර්වල පහසුවෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ළමුන්ට කැස්ස, හෙම්බිරිසාව තියෙනවා නම් ගෙදර තියා ගන්න. පාසල් යන ළමුන් පුළුවන් නම් මුව ආවරණ භාවිත කිරීම වඩාත් හොඳයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 20260115 Views

    ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (18) දිනයේදී සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය…

    නිවසේ සේවිකාව නිරුවත් කරමින් වීඩියෝ කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

    January 19, 2026

    Rebuilding Sri Lanka වැඩසටහනට පහසුවෙන් පරිත්‍යාග කළ හැකි ක්‍රමයක්

    January 19, 2026

    06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට නිහඬ විරෝධයක්

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.