Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 වසරේ දී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 පනී

    January 26, 2026

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස

    January 26, 2026

    පසුගිය වසර 10 තුළ අවුරුදු 16ත් 22ත් අතර තරුණයින්ගේ අපරාධ චර්යාවල 200%ක ඉහළයෑමක්

    January 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය
    International

    පිළිකා රෝගීන්ට නව බලාපොරොත්තු ඇතිකළ වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්ය

    By LFNDecember 12, 2022No Comments1 Min Read354 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

    සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි නව යොවුන් ඇලීසා නම් තරුණිය වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේය.

    බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය යොදාගෙන එම තරුණියගේ පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබේ.

    ඔවුන් පවසන්නේ, බේස් එඩිටින්ග් තාක්ෂණය භාවිතයෙන් ඇගේ සිරුර තුළ ජීවමාන ඖෂධයක් නිර්මාණය කර ගත් බවය.

    එම තාක්ෂණය යොදාගෙන ජාන කේත විශාලනය කර නරඹා, ජාන වෙනස් කිරීමට ලක්කිරීම එම ප්‍රතිකාරය මගින් සිදුකර තිබුණි.

    එමගින් ඇගේ සිරුරේ තිබූ පිළිකාකාරක ටී සෛල මරා දැමීමට හැකි නව ටී සෛල වර්ගයක් ඇගේ සිරුරේ නිර්මාණය කළ බවත් සඳහන්ය.

    පසුගිය මැයි මාසයේදී ඇය ටී සෛල ආශ්‍රිත ලියුකේමියා රෝගයෙන් පෙළෙන බවට හඳුනාගත් අතර නව ප්‍රතිකාරයෙන් මාස 6කට පසු ඇලීසාගේ පිළිකාව නිට්ටාවට සුව වී තිබේ.

    රසායන චිකිත්සාව, ඇට මිඳුළු බද්ධයෙන් පවා ඇයගේ රෝගය සුව නොවූ පසුබිමක, නව ප්‍රතිකාරය සාර්ථක වීම විස්මිත ජයග්‍රහණයක් බව වෛද්‍යවරුන් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    2025 වසරේ දී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 පනී

    January 26, 20260116 Views

    පාස්කු ඉරු දින, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා…

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස

    January 26, 2026

    පසුගිය වසර 10 තුළ අවුරුදු 16ත් 22ත් අතර තරුණයින්ගේ අපරාධ චර්යාවල 200%ක ඉහළයෑමක්

    January 26, 2026

    ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 30%කට මානසික ගැටලු – සෞඛ්‍ය අංශයෙන් බය හිතෙන අනාවරණයක්

    January 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.