Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000කට මුද්‍රා තැබේ

    December 8, 2025

    ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළට

    December 8, 2025

    ”ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න”

    December 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»දකුණු කොරියානුවන්ගේ වයස අඩු කෙරේ
    International

    දකුණු කොරියානුවන්ගේ වයස අඩු කෙරේ

    By LFNDecember 11, 2022No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු කොරියානු වැසියන්ගේ වයස සම්බන්ධ නව නීතියක් එළඹෙන වසරේ සිට බලාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබේ.

    එම නීතියට අනුව ඔවුන්ගේ පවතින වයස වසර දෙකකින් පමණ අඩුවන බව වාර්තා වෙයි.

    දකුණු කොරියානු වැසියන් ආකාර තුනක් යටතේ සිය වයස ගණනය කිරීම සිදුකරයි.

    ඒ, ජාත්‍යන්තර වයස, කොරියානු වයස සහ දින දර්ශක වයස ලෙසය.

    මෙම ක්‍රමවේදය හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ වයස සම්බන්ධයෙන් ව්‍යාකූලතා ඇති වන බව සඳහන් ය.

    ඒ අනුව එළඹෙන ජූනි මාසයේ සිට බලාත්මක වනපරිදි සෑම අවස්ථාවකදීම අනෙක් රටවල මෙන් ජාත්‍යාන්තර වයස පමණක් භාවිත කිරීමට එරට රජය තීරණය කර තිබේ.

    කොරියාවේදී වයස ගණනය කරන්නේ ඉපදුණු දිනය ද අවුරුද්දක් ලෙස සලකමිනි.

    ඒ අනුව ජාත්‍යන්තර වයස අවුරුද්දක් වන දරුවෙකුගේ කොරියානු වයස අවුරුදු දෙකක් ලෙස සැලකෙයි.

    දින දර්ශක වයස ගණනය කිරීම ජාත්‍යන්තර වයස සහ කොරියානු වයස ගණනය කරන ආකාරයේ එකතුවක් ලෙස ගත හැකිය.

    ඒ අනුව දින දර්ශක වයස ඉපදුණු දිනය බිංදුව ලෙස ගෙන සෑම ජනවාරි පළමු වනදා දිනකම අවුරුද්දක් වයසට එක් වෙයි.

    මෙම ක්‍රමවේදය අනුව ජාත්‍යන්තර වයස අවුරුදු 20ක් වන පුද්ගලයෙකුගේ කොරියානු වයස අවුරුදු 21ක් වන අතර දින දර්ශක වයස අවුරුදු 22 ක් වෙයි.

    මෙලෙස ක්‍රමවේද තුනක් අනුව දකුණු කොරියානු වැසියන්ගේ වයස ගණනය කිරීම සිදුවීමත් සමග එමගින් ව්‍යාකූල අවස්ථා ඇති විය හැකි බැවින් එළඹෙන වසරේ ජූනි මාසයේ සිට වයස ගණනය කිරීමේ දී ජාත්‍යන්තර ක්‍රමවේදය භාවිත කළ යුතු බවට නව නීතියකට එරට රජය එළඹ තිබේ.

    වසර කිහිපයක වාද විවාද මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025

    ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000කට මුද්‍රා තැබේ

    December 8, 20250118 Views

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස්…

    ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළට

    December 8, 2025

    ”ආපදා හේතුවෙන් මානසික පීඩනයට ලක්ව ඇත්නම් ‘1926’ අමතන්න”

    December 8, 2025

    දියේ ගිලී තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    December 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.