Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»දකුණු කොරියානුවන්ගේ වයස අඩු කෙරේ
    International

    දකුණු කොරියානුවන්ගේ වයස අඩු කෙරේ

    By LFNDecember 11, 2022No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු කොරියානු වැසියන්ගේ වයස සම්බන්ධ නව නීතියක් එළඹෙන වසරේ සිට බලාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබේ.

    එම නීතියට අනුව ඔවුන්ගේ පවතින වයස වසර දෙකකින් පමණ අඩුවන බව වාර්තා වෙයි.

    දකුණු කොරියානු වැසියන් ආකාර තුනක් යටතේ සිය වයස ගණනය කිරීම සිදුකරයි.

    ඒ, ජාත්‍යන්තර වයස, කොරියානු වයස සහ දින දර්ශක වයස ලෙසය.

    මෙම ක්‍රමවේදය හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ වයස සම්බන්ධයෙන් ව්‍යාකූලතා ඇති වන බව සඳහන් ය.

    ඒ අනුව එළඹෙන ජූනි මාසයේ සිට බලාත්මක වනපරිදි සෑම අවස්ථාවකදීම අනෙක් රටවල මෙන් ජාත්‍යාන්තර වයස පමණක් භාවිත කිරීමට එරට රජය තීරණය කර තිබේ.

    කොරියාවේදී වයස ගණනය කරන්නේ ඉපදුණු දිනය ද අවුරුද්දක් ලෙස සලකමිනි.

    ඒ අනුව ජාත්‍යන්තර වයස අවුරුද්දක් වන දරුවෙකුගේ කොරියානු වයස අවුරුදු දෙකක් ලෙස සැලකෙයි.

    දින දර්ශක වයස ගණනය කිරීම ජාත්‍යන්තර වයස සහ කොරියානු වයස ගණනය කරන ආකාරයේ එකතුවක් ලෙස ගත හැකිය.

    ඒ අනුව දින දර්ශක වයස ඉපදුණු දිනය බිංදුව ලෙස ගෙන සෑම ජනවාරි පළමු වනදා දිනකම අවුරුද්දක් වයසට එක් වෙයි.

    මෙම ක්‍රමවේදය අනුව ජාත්‍යන්තර වයස අවුරුදු 20ක් වන පුද්ගලයෙකුගේ කොරියානු වයස අවුරුදු 21ක් වන අතර දින දර්ශක වයස අවුරුදු 22 ක් වෙයි.

    මෙලෙස ක්‍රමවේද තුනක් අනුව දකුණු කොරියානු වැසියන්ගේ වයස ගණනය කිරීම සිදුවීමත් සමග එමගින් ව්‍යාකූල අවස්ථා ඇති විය හැකි බැවින් එළඹෙන වසරේ ජූනි මාසයේ සිට වයස ගණනය කිරීමේ දී ජාත්‍යන්තර ක්‍රමවේදය භාවිත කළ යුතු බවට නව නීතියකට එරට රජය එළඹ තිබේ.

    වසර කිහිපයක වාද විවාද මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.