Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ අයෙකු අත්අඩංගුවට

    December 7, 2025

    කෑගල්ල සහ හැටන් ප්‍රදේශයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටි පවුල් ඉවත් කෙරේ

    December 7, 2025

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»LPL තරගාවලිය අද සිට ඇරඹෙයි
    Sport

    LPL තරගාවලිය අද සිට ඇරඹෙයි

    By LFNDecember 6, 2022No Comments2 Mins Read300 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන අදියර අද (06) සිට ආරම්භ වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්ව සිටී.

    කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල්ඩ් ග්ලැඩියේටර්ස්, කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා යන කණ්ඩායම් මෙවර LPL තරගාවලිය සඳහා තරග වදින අතර මෙම සෑම කණ්ඩායමකටම දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් එක්ව සිටීම විශේෂත්වයක්.

    දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වන අතර සූරියවැව, පල්ලෙකැලේ සහ කෙත්තාරාම යන ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමට නියමිතය.

    තරගාවලියේ අවසන් මහා තරගය දෙසැම්බර් 23 වන දින පැවැත්විමට නියමිත අතර මෙවර තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ “අද දෙරණ” 24 නාළිකාවට ය.

    2014 වසරේදී ඩයලොග් ටීවී හා පියෝ ටීවී නාළිකා අංක 14 ඔස්සේ පමණක් විකාශන කටයුතු ආරම්භ කෙරුණු “අද දෙරණ 24” නාළිකාව මේ වන විට නිදහස් ගුවන් අවකාශයටත් එක්කර තිබේ.

    ඒ අනුව කොළඹින් යූඑච්එෆ් 26න්, දෙනියායෙන් යූඑච්එෆ් 35න්, මහනුවරින් යූඑච්එෆ් 28න් සහ මාතලෙන් යූඑච්එෆ් 35න් ඔබගේ රූපවාහිනිය සුසර කිරීමෙන් “අද දෙරණ 24” නාළිකාව නැරඹීමේ හැකියාව පවතී.

    මීට සමගාමීව අද සිට LPL තරගාවලියේ සියලු තරග “අද දෙරණ යූටියුබ් චැනලය” ඔස්සේත් නැරඹිය හැකිය.

    තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පස්වරු 03ට ආරම්භවීමට නියමිතය.

    දෙවන තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතරය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,359 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ අයෙකු අත්අඩංගුවට

    December 7, 20250125 Views

    නීතිවිරෝධීව විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළින් පිට කරගෙන යමින් සිටි…

    කෑගල්ල සහ හැටන් ප්‍රදේශයේ නායයෑම් අවදානමක් හේතුවෙන් එහි සිටි පවුල් ඉවත් කෙරේ

    December 7, 2025

    කල්පිටියෙන් මත්ද්‍රව්‍ය සොයා ගත් සිද්ධියට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    December 7, 2025

    දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.