Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 2025

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»තවත් ප්‍රබල රටවල් 4ක් 16දෙනාගේ වටයට
    Sport

    තවත් ප්‍රබල රටවල් 4ක් 16දෙනාගේ වටයට

    By LFNNovember 30, 2022No Comments2 Mins Read209 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16දෙනාගේ වටයේ ස්ථාන තහවුරු කර ගැනීමට නෙදර්ලන්තය, සෙනගාලය, එංගලන්තය සහ අමෙරිකාව සමත්වුණි.

    B කාණ්ඩය යට‌‌තේ වේල්සය සහ එංගලන්තය අතර පැවැති තරගය ගෝල 3 ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

    ඒ අනුව එංගලන්ත කණ්ඩායම 16දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

    මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ ඉරානය සහ අමෙරිකාව අතරය.

    එම තරගයේ ගෝල 1 ට 0ක් ලෙස තරගය ජය ගැනීමට අමෙරිකාව සමත්වුණේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනිමිනි.

    තරගයේ වාර්තාවූ එකම ගෝලය අමෙරිකාවේ ක්‍රිස්තින් පුලිසික්ස් වාර්තා කළේය.

    මේ අතර A කාණ්ඩයේ අනෙක් තරගය ඊයේ පැවැත්වුණේ නෙදර්ලන්තය සහ සත්කාරක කටාර් දේශය අතරය.

    එම තරගයේදී නෙදර්ලන්තය ගෝල 2ක් රැස්කළ අතර සත්කාරක කටාර් කණ්ඩායමට ගෝල රැස් කිරීමට හැකිවූයේ නැත.

    ඒ අනුව නෙදර්ලන්තය සුපිරි 16දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

    මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයේ A කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ ඉක්වදෝරය සහ සෙනගාලය අතරය.

    එම තරගයේ 44වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් සෙනගාලය පළමු ගෝලය වාර්තාකළේය.

    ඉන්පසු 67වැනි මිනිත්තුවේදී ඉක්වදෝරය පිළිතුරු ගෝලය රැස්කළ අතර තරගයේ ජය දෙපිළටම විවෘත වුණි.

    එම තරගයේ 70 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ සෙනගාල නායක කළිඳු කිලිබාලි ගෝලයක් රැස්කළේ ඉක්වදෝර ක්‍රීඩා ලෝලීන් නිහඬ කරමිනි.

    තරගය නිමවන තුරු තවත් ගෝලයක් රැස් කිරීමට ඉක්වදෝරයට නොහැකි වීමත් සමඟ ගෝල 2 ට 1ක් ලෙස තරගයේ ජය සෙනගාලය සතුවුණි.

    ඒ අනුව සෙනගාලය සුපිරි 16දෙනාගේ වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

    සෙනගාලය අවසන් 16දෙනාගේවටයට සුදුසුකම් ලබාගතේ 2002 වසරෙන් පසුවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025

    කාන්තා එක්දින ලෝක කුසලානය අදින් ඇරඹෙයි

    September 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ඉෂාරාට නවාතැන් දුන් මතුගම නිවසේ හිමිකාරිය රිමාන්ඩ්

    October 19, 202502 Views

    ගනේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් මතුගම ප්‍රදේශයේ කාන්තාව එළැඹෙන 24…

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

    October 18, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.