Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කැනඩාවට කෝටි හාරසීයක්
    Sport

    කැනඩාවට කෝටි හාරසීයක්

    By LFNNovember 28, 2022No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වූ කණ්ඩායම් ගොන්නට අළුතෙන්ම ඒකතුවීමට කැනඩාවට සිදුවිය. ඒ් ඊයේ (27දා) ක්‍රොයේෂියාව සමගින් පැවති තරගය ගෝල 4-1 ක් ලෙසින් පරාජයට පත්වීමට සිදුවීම නිසාය. එෆ් කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙය අල් රයන් හි කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    තරගාවලියේ සහභාගිවූ පළමු තරගයෙන්ද කැනඩාවට බෙල්ජියම හමුවේ ගෝල 1-0 ක පරාජයක් හිමිවිය. ඔවුන්ට මොරොක්කෝව සමගින් තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව ඇතත් එහි ප්‍රතිඵලය දෙවැනි වටයට යාමට සුදුසුකමක් නොවේ.

    මීට පෙර තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වූ පළමු කණ්ඩායම වූයේ සත්කාරක කටාරයයි.

    කෙසේ වෙතත් මෙම තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වන කණ්ඩායම් සඳහාද ඇ.ඩො. මිලියන ගණනක ත්‍යාග මුදලක් හිමිවන බව නිවේදනය කෙරිණි. ඒ් අනුව මූලික වටයට සහභාගි වූවාට ඔවුන්ට ඇ.ඩො. මිලියන 9 ක මුදලක් ලැබීමට නියමිතය. ඒමෙන්ම සෑම කණ්ඩායමකටම ලැබෙන ඇ.ඩො. මිලියන 1.5 ක මුදලත් සමගම කණ්ඩායමට ලැබෙන සමස්ථ ත්‍යාග මුදල පමණත් ඇ.ඩො මිලියන 10.5 කි. ඒය ආසන්න වශයෙන් රුපියල් කෝටි හාරසියයකට ආසන්න දැවැන්ත මුදල් කන්දරාවකි.

    තරගාවලියේ ජයග්‍රාහකයින්ට ඇ.ඩො මිලියන 42 (රු. කෝටි 1500) ක්ද, අනුශූරයින්ට මිලියන 30 (රු. කෝටි 1100) ක්ද , තෙවැනි ස්ථානයට ඇ.ඩො. මිලියන 27 ක්ද (රු‍. කෝටි 990) , සිව්වැනි ස්ථානයට ඇ.ඩො. මිලියන 25 (රු. කෝටි 918) ක්ද අර්ධ අවසන් පූර්ව වටයට ඇ.ඩො. මිලියන 17 (රු. කේාටි 624) ක්ද, අවසන් 16 දෙනාගේ වටයට පිවිසෙන කණ්ඩායම් සඳහා ඇ.ඩො. මිලියන 13 (රු. කෝටි 477) ක්ද වශයෙන් ලැබීමට නියමිතය.

    මෙම සියළු කණ්ඩායම් වෙනුවෙන් සහභාගි වීම වෙනුවෙන් මූලික වටයේදී අතිරේක ඇ.ඩො. මිලියන 1.5 (රු. කෝටි 55) ක් බැගින්ද ලැබීමට නියමිත බව තරගාවලිය ආරම්භයේදීම නිවේදනය කෙරිණි. මෙය දෙවැනි හා තෙවැනි වටයන් කරා ගමන් කිරීමේදී තවත් වැඩිවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.