කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ දී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගැනීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (25) අධිචෝදනා පත්ර භාරදී තිබේ.
එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස සහ විදේශ ගමන් බලපත්ර අධිකරණයට භාරදෙන ලෙසත් නියෝග කළේය.
එසේම විත්තිකරුවන් සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද නියෝගවල සඳහන් වෙයි.