Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»මැලේසියා අගමැති ධුරය අන්වාර් ඊබ්‍රහීම්ට
    International

    මැලේසියා අගමැති ධුරය අන්වාර් ඊබ්‍රහීම්ට

    By LFNNovember 25, 2022No Comments2 Mins Read177 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වාර් ඊබ්‍රහීම් සවස දිවුරුම් දුන්නේය. 75 හැවිරිදි අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ 10 වැනි ජනාධිපතිවරයා ද වෙයි.

    පසුගියදා පැවැති මැලේසියානු මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ අන්වාර් ඊබ්‍රහීම් නියෝජනය කළ ‘පක්ටාන් හරප්පාන්’ සන්ධානයයි. ‘පක්ටාන් හරප්පාන්’ සන්ධානය දිනූ ආසන ගණන 82 කි. එසේ වුවත්, එය රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවිණි.

    ඒ අනුව, මැලේසියා දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය විය. ඊයේ (24) සවස අන්වාර් ඊබ්‍රහීම්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණේ මැලේසියාවේ සුල්තාන් අබ්දුල් රජුගේ මැදිහත් වීමෙනි. අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම එරට වේලාවෙන් සවස 5 ට සිදුවිය.

    90 දශකය අවසානයේ, මහතීර් මොහොමඩ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්‍රහීම් ය. අන්වාර් ඊබ්‍රහීම්ට මහතීර් මොහොමඩ්ගේ අනුප්‍රාප්තිකයා වීමට ඉඩ තිබුණි.

    කෙසේ නමුත් අන්වාර් ඊබ්‍රහීම් සහ මහතීර් මොහොමඩ් අතරේ මත ගැටුම් නිර්මාණය විය. එය අවසන් වූයේ අන්වාර් ඊබ්‍රහීම් සියලු ධුරවලින් නෙරපා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය‍.

    අන්වාර් ඊබ්‍රහීම් අත්අඩංගුවට ගැනීම සහ දූෂණ චෝදනාවලට වරදකරු කර සිරදඩුවම් නියම වීමට සැලැස්වීමත් සමඟ මැලේසියාව පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය විය. මහතීර් මොහොමඩ්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්නැයි බලපෑම් එල්ල විය. 2003 වසරේ ඔක්තෝබරයේ මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගත්තේය.

    2018 වසරේ පැවැති මැලේසියානු මැතිවරණයේදී විපක්ෂ සන්ධානයට මැතිවරණය ජයක් සඳහා පොදු අපේක්ෂකයා වූයේ එවකට 92 හැවිරිදි වියෙහි පසුවුණු මහතීර් මොහොමඩ්ය. එම මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ ආසන 222 න්, 122 ක් දිනා ගැනීමට විපක්ෂ සන්ධානයට හැකිවුණු අතර, මහතීර් මොහොමඩ් යළි අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය.

    එදා මැතිවරණ රැලිවලදී මහතීර් මොහොමඩ් දිගින් දිගටම පැවැසුවේ තමන් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ වසර දෙකක් පමණක් බවත්, අන්වාර් ඊබ්‍රහීම්ට ඉන්පසු අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන බවත්ය.

    ඒ අනුව, ඒ වනවිටත් සිරදඬුවම් විදිමින් සිටි අන්වාර් ඊබ්‍රහීම්ට සමාව දීමට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් කටයුතු කළේය. අන්වාර් ඊබ්‍රහීම්ට මැලේසියානු රජුගෙන් සමාවක් ද හිමිවිය. මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කර දින කීපයක් ඇතුළත අන්වාර් ඊබ්‍රහීම් හිරෙන් නිදහස් වී යළි දේශපාලනයට පිවිසියේය.

    එම අවස්ථාවේදී ද මහතීර් මෙසාහොමඩ් සහ සහ අන්වාර් ඊබ්‍රහීම් අතරේ අර්බුද හටගත් අතර 2020 පෙබරවාරි මාසයේ දී මහතීර් මොහොමඩ් යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

    මහතීර් මොහොමඩ් ද පසුගිය දා පැවැති මැලේසියානු මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් ‘හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්’ පක්ෂයෙනි. කෙසේ නමුත් 97 හැවිරිදි මහතීර් මොහොමඩ් මෙම මැතිවරණයේ දී දරුණු පරාජයක් ලැබුවේය. මහතීර් මොහොමඩ්ට ඔහුගේ ලංග්කාවී ආසනය පවා අහිමි විය. අඩ සියවසකට පසු මහතීර් මොහොමඩ් ලැබූ එකම මැතිවරණ පරාජය මෙය යැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.