Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 2025

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»මැලේසියා අගමැති ධුරය අන්වාර් ඊබ්‍රහීම්ට
    International

    මැලේසියා අගමැති ධුරය අන්වාර් ඊබ්‍රහීම්ට

    By LFNNovember 25, 2022No Comments2 Mins Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වාර් ඊබ්‍රහීම් සවස දිවුරුම් දුන්නේය. 75 හැවිරිදි අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ 10 වැනි ජනාධිපතිවරයා ද වෙයි.

    පසුගියදා පැවැති මැලේසියානු මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ අන්වාර් ඊබ්‍රහීම් නියෝජනය කළ ‘පක්ටාන් හරප්පාන්’ සන්ධානයයි. ‘පක්ටාන් හරප්පාන්’ සන්ධානය දිනූ ආසන ගණන 82 කි. එසේ වුවත්, එය රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් නොවිණි.

    ඒ අනුව, මැලේසියා දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය විය. ඊයේ (24) සවස අන්වාර් ඊබ්‍රහීම්, අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණේ මැලේසියාවේ සුල්තාන් අබ්දුල් රජුගේ මැදිහත් වීමෙනි. අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම එරට වේලාවෙන් සවස 5 ට සිදුවිය.

    90 දශකය අවසානයේ, මහතීර් මොහොමඩ් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්‍රහීම් ය. අන්වාර් ඊබ්‍රහීම්ට මහතීර් මොහොමඩ්ගේ අනුප්‍රාප්තිකයා වීමට ඉඩ තිබුණි.

    කෙසේ නමුත් අන්වාර් ඊබ්‍රහීම් සහ මහතීර් මොහොමඩ් අතරේ මත ගැටුම් නිර්මාණය විය. එය අවසන් වූයේ අන්වාර් ඊබ්‍රහීම් සියලු ධුරවලින් නෙරපා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය‍.

    අන්වාර් ඊබ්‍රහීම් අත්අඩංගුවට ගැනීම සහ දූෂණ චෝදනාවලට වරදකරු කර සිරදඩුවම් නියම වීමට සැලැස්වීමත් සමඟ මැලේසියාව පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය විය. මහතීර් මොහොමඩ්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්නැයි බලපෑම් එල්ල විය. 2003 වසරේ ඔක්තෝබරයේ මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගත්තේය.

    2018 වසරේ පැවැති මැලේසියානු මැතිවරණයේදී විපක්ෂ සන්ධානයට මැතිවරණය ජයක් සඳහා පොදු අපේක්ෂකයා වූයේ එවකට 92 හැවිරිදි වියෙහි පසුවුණු මහතීර් මොහොමඩ්ය. එම මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ ආසන 222 න්, 122 ක් දිනා ගැනීමට විපක්ෂ සන්ධානයට හැකිවුණු අතර, මහතීර් මොහොමඩ් යළි අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය.

    එදා මැතිවරණ රැලිවලදී මහතීර් මොහොමඩ් දිගින් දිගටම පැවැසුවේ තමන් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ වසර දෙකක් පමණක් බවත්, අන්වාර් ඊබ්‍රහීම්ට ඉන්පසු අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන බවත්ය.

    ඒ අනුව, ඒ වනවිටත් සිරදඬුවම් විදිමින් සිටි අන්වාර් ඊබ්‍රහීම්ට සමාව දීමට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් කටයුතු කළේය. අන්වාර් ඊබ්‍රහීම්ට මැලේසියානු රජුගෙන් සමාවක් ද හිමිවිය. මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කර දින කීපයක් ඇතුළත අන්වාර් ඊබ්‍රහීම් හිරෙන් නිදහස් වී යළි දේශපාලනයට පිවිසියේය.

    එම අවස්ථාවේදී ද මහතීර් මෙසාහොමඩ් සහ සහ අන්වාර් ඊබ්‍රහීම් අතරේ අර්බුද හටගත් අතර 2020 පෙබරවාරි මාසයේ දී මහතීර් මොහොමඩ් යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

    මහතීර් මොහොමඩ් ද පසුගිය දා පැවැති මැලේසියානු මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් ‘හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්’ පක්ෂයෙනි. කෙසේ නමුත් 97 හැවිරිදි මහතීර් මොහොමඩ් මෙම මැතිවරණයේ දී දරුණු පරාජයක් ලැබුවේය. මහතීර් මොහොමඩ්ට ඔහුගේ ලංග්කාවී ආසනය පවා අහිමි විය. අඩ සියවසකට පසු මහතීර් මොහොමඩ් ලැබූ එකම මැතිවරණ පරාජය මෙය යැයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025

    ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි

    June 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    හිටපු මෝටර් රථ කොමසාරිස් නිශාන්ත ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    July 1, 20250122 Views

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම…

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    July 1, 2025

    වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම්

    July 1, 2025

    නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.