ආණ්ඩුව ලබන වසරේදී කෝටි ලක්ෂ පහක ණය ගැනීමට බලාපොරොත්තුවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
අද රටේ සිදුවන්නේ ප්‍රභාෂ්වර වලව්වට ආ නාස්තිකාර පුත්‍රයා එහි භව භෝග විනාශ කරමින් කළ විනාශයට සමාන විනාශයක් බවද ඔහු සඳහන් කළේය.
දිසානායක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදී ය.