Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ණය ගෙවන්න අමාරුයි – ආයෝජකයන් එන්නේ නෑ
    Local News

    ණය ගෙවන්න අමාරුයි – ආයෝජකයන් එන්නේ නෑ

    By LFNNovember 22, 2022No Comments2 Mins Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශීය ණය ගෙවීම පිළිබඳ ගැටළුවක් මතුවෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක විය යුතුබවට දැඩිව ප්‍රකාශ කරන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්ථාවක් අද (22දා) පාර්ලිමේන්තුවේ සභාගත කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් තීරණ ගෙන නොමැති අවස්ථාවක මෙවැනි ප්‍රකාශ නොකළ යුතු බවත්, මෙවැනි ප්‍රකාශ කිරීම හරහා ආයෝජකයන්ගේ විශ්වාසය නැතිවී බැඳුම්කර මිලදී ගැනීම සිදු නොකරන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    කෙසේ වෙතත් ජාත්‍යන්තරයේ මෙන්ම දේශීය ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම රජයේ මූලිකම වගකීම බවද හර්ෂ ද සිල්වා මහතා එහිදී සඳහන් කළේය.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා – අපිට තිබෙන ලොකුම වියදම පොලිය. මේ පොලිය දේශීය පොලිය. ඒ නිසා තමයි අපි කලින් කිව්වේ ආර්ථිකයේ ඉදිරියට ගමන් කිරීම පිළිබඳ ගැටළු මතුවෙලා තිබෙනවා පොලිය ඉතාමත් වැඩි නිසා. පොලී අනුපාතය අඩු කරගන්න තිබෙන එක ක්‍රමයක් තමයි දේශීය ණය ගැන හිතන්න වෙනවා. කමිටුව ලෙස අපිට වගකීමක් තිබෙනවා මේ සභාව දැනුවත් කරන්න දේශීය ණය ගෙවීම පිළිබඳ ගැටළුවක් මතුවෙමින් පවතිනවා. ඒ නිසා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි කියන එක මේ කමිටුව දැඩිව ප්‍රකාශ කරන්න කැමතියි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ – මම හර්ෂ ද සිල්වා මහතා සමග එකඟ වෙනවා. ඒ සමගම ප්‍රධාන කාරණයක් මම මතු කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ දේශීය ණය සම්බන්ධයෙන් අද විවිධ කාරණා, තොරතුරැ හුවමාරැ වෙනවා. ඒක තමයි අපිට මාසයක පමණ කාලයක් තිස්සේ ණය ගන්න බැරිවෙලා තිබෙන්නේ. මිනිස්සු හිතනවා දැන හෝ නොදැන විවිද දේවල් විශ්වාස කරනවා. ඒ අනුව ආයෝජකයන් එන්නේ නෑ බැඳුම්කර මිලදී ගන්න. දේශීය ණය සම්බන්ධයෙන් මෙහෙස දේවල් කියන්න හොඳ නෑ. මේ සම්බන්ධයෙන් තීරණයක් අරන් නෑ මොකක්ද කරන්නේ කියන එක සම්බන්ධයෙන්.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා – මෙතුමා කියන කාරණය හරි. විශ්වාසය මත තමයි මූල්‍ය වෙළඳපොළ වැඩ කරන්නේ. මූල්‍ය වෙළඳපොළක මූලිකම අවශ්‍යතාවය තමයි විශ්වාසය. මේ විශ්වාසය ගොඩනගන්න අවශ්‍යයි රජය. මුදල් ඇමතිතුමා කියන්නේ විශ්වාසය බිඳ වැටීම නිසා මාස 03ට එහා ගිහින් පුද්ගලයෝ ආයෝජනය කරන්න සූදානම් නෑ කියලා. ඒක මම පිළිගන්නවා. මේ ජාත්‍යන්තර සහ දේශීය විශ්වාසය ගොඩනැගීම ඔබතුමන්ලාගේ මූලිකම වගකීමක්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.