Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වගා කරන්න කියලා නීති දාන්නෙ නෑ
    Local News

    වගා කරන්න කියලා නීති දාන්නෙ නෑ

    By LFNNovember 19, 2022No Comments3 Mins Read97 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හදිසි නීති රීති පනවා වගා කිරීම සඳහා ආණ්ඩුව ජනතාවට බලපෑම් නෙකරන බවත් අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු දෙනා සාමූහිකව වගා කිරීමට එකතුවන ලෙස ඉල්ලන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සංවිධානය කළ ආහාර සුරක්ෂිතතාවය පෝෂණය හා තිරසාර කෘෂිකර්මාන්තය සඳහා ජනතා සවිබල ගැන්වීමේ වැඩසටහන ඊයේ (18දා) කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී පැවති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ආර්ථිකයට බරපැනක් තිරසර ගෙවත්තක් යන මැයෙන් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහන යටතේ තිරසාර ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂි භාණ්ඩ බෙදාදීමක් සංවිධානය කොට තිබිණී.

    “එකම මහ පොළොවක අපි මෙම ගෙවතු වගා වැඩසටහන එලෙස සංවිධානය කොට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් මහජන නියෝජිතයින්ට සහ රජයේ නිලධාරීන්ට අවශ්‍ය වැඩසටහනක් රජය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රජයේ නිලධාරීන් පස් දෙනෙක් යොදා තිබෙනවා.

    අපේ රටත්, ලෝකයත් ආහාර අර්බුදයකට මුහුණ දෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ මහ කන්නය අපි සාර්ථකම කන්නයක් කරගත යුතුයි. දරුවන් වෙනුවෙන් මේ අඩිය ඉදිරියට ඉදිරිය තියන්න සහයෝගයෙන් එකමුතුවෙන් වැඩ කරන්න ඕනේ.මේ මහපොළොවේ මොනවා වැව්වත් දවස් 60කදී 70දී ඵලදාව තියෙනවා.

    ආදායමක් උපයා ගන්නට පුළුවන් සැලසුම් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මෙය සරල වැඩපිළිවෙළක් මිස මහා පරිමාණ සමාගම් වැඩපිළිවෙළක් නොවේ. හැම තානාපතිවරයෙක්ම ශ්‍රී ලංකාව ගැන විශ්වාසයෙන් කතා කරනවා. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයෙන් ආදර්ශමත් ලෙස ගොඩ ආ රටක්. මේ පවතින අර්බුදය ජය ගැනීමට රට පුරාම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

    ඊට රටවැසියා දක්වන උනන්දුව තානාපතිවරුන් පැසසුමට ලක් කරනවා. අපේ රටේ ආර්ථික පුනර්ජීවනයේ වැඩකොටසක් ලෙස ආහාර සුරක්ෂිතතාවය හඳුන්වන්න පුළුවන්. මේ ගැටලුව විසඳා ගැනීමට අපේ පළාතට හදබිම අධිකාරියෙන් උදව් කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා.

    ජනතාව කතිරේ ගහලා පාර්ලිමේන්තු යවපු මන්ත්‍රී කෙනෙක් හැටියට, මම මොන තනතුරු දැරුවත්, ජනතාව සමග සිටිමින් බැඳියාව හා යුතුකම ඉටුකරනවා. තරුණයන් සහ තරුණියන් යම් යම් අලුත් ක්ෂේත්‍ර සඳහා පිවිසෙමින් සිටිනවා. ආහාර නිෂ්පාදන වැඩසටහන් වලට උනන්දුව දක්වන සැමට එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහයෝගයන් රජය ලබා දෙනවා.

    තරුණ තරුණියන්ට මම ආයාචනා කරනවා. ඔබ වෙනුවෙන් රජය හැකි සෑම පියවරක්ම ගන්නවා. මේක නිකං සල්ලි බෙදන ව්‍යාපෘතියක් නෙවේ. සල්ලි බෙදන ව්‍යාපෘති ඕනතරම් ක්‍රියාත්මක කෙරුනා. ආයෙමත් හැරිලා බලනකොට හිතෙනවා ඒවා හැම එකක්ම සාර්ථක වුණාද කියලා.

    ගමේ පාසලේ ඔබේ අපේ දරුවෝ අහරින් ස්වයංපෝෂිත කළ යුතුයි. ගමේ නිෂ්පාදනය කරන දෙයින් පාසලේ එක ආහාර වේලක් ලබා දෙන්න පුළුවන් වෙන්න සියලු දෙනා සාමූහිකව එකතුවිය යුතුයි. ඒ කාලේ සුදු ආණ්ඩුව නියෝග කළේ හැම වත්තකම ගොවිපලක් තිබිය යුතු කියලයි.ඒ වගේම සත්ව ආහාර, කිරි නිෂ්පාදනය සඳහා ඔවුන් නීති ගෙනාවා. එම නීති තවම අවලංගු වෙලා නැහැ.

    ක්‍රියාත්මක නොකරන පරණ නීති රීති හුඟක් තියෙනවා කියලා ජනාධිපතිතුමා අයවැය ලේඛනයෙන් කිව්වා. ඒ නිසා අපි නීති සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒත් හදිසි නීති රීති පනවලා වගා කරන්න කියලා අපේ ආණ්ඩුව කියන්නේ නැහැ. සාමූහිකව සියලු දෙනා මේ මහ කන්නය වගා කරන්න එකතු වෙන්න කියලා මම ඉල්ලනවා.

    අපි රුපියල් බිලියන ගානක් ඉදිකිරීම් සඳහා වැය කරන රටක්. ඒ ඉදිකිරීම්වලින් හරි ප්‍රයෝජනයක් ගන්නවද කියලා නැවත සලකා බැලිය යුතුයි. අද මේ අර්බුදයත් එක්ක ඉදිකිරීම් සියල්ල නවත්වන්න සිදුවෙලා තියෙනවා. පොදු ප්‍රවාහනය දියුණු කිරීම යටතේ කැළණිවැලි දුම්රිය මාර්ගය උපරිම ප්‍රයෝජනයට ගතහැකි ආකාරයෙන් දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපට ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්. ජනතාවට වෙලාව ඉතුරු වෙනවා. මේ අපිට හැමදේම ඉතුරු කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. හැමදේම ඉතුරු කළ යුතුයි. ඉතුරු කළ යුතුමයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.