Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් නිවේදනයක්
    Local News

    වසන්ත සහ සිරිධම්ම හිමි ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයෙන් නිවේදනයක්

    By LFNNovember 17, 2022Updated:November 17, 2022No Comments2 Mins Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එල්ල වී ඇති පදනම් විරහිත ත්‍රස්තවාදී චෝදනා වහා ඉවත් කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වාදෙන්නේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග දීර්ඝ කිරීම නතර කළ යුතු බවය.

    ත්‍රස්ත විරෝධී චෝදනා යටතේ විරෝධතාකරුවන් රඳවා තබාගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් සහතික කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව එම නිවේදනයේ සඳහන් වේ.

    ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව සාමකාමී රැස්වීම් සංවිධානය කරන හෝ ඒවාට සහභාගී වන පුද්ගලයින් අපරාධකරුවන් ලෙස සැලකීමට ත්‍රස්ත විරෝධී නීති භාවිත නොකළ යුතු අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට පියවර ගත යුතු බව ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.

    මේ අතර රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොමිපඤ්ඤවීදිය පොලීසියට අවසර ලබාදී තිබේ.

    පසුගිය අගෝස්තු 19 වනදා සිදුකළ උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් නම් කිරීමට අවසර ඉල්ලා සිටි පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා පොලීසියට අවසර ලබාදුන් බව වාර්තාවේ.

    වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් මේ වන විට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.