මීගමුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක අද දින විශාල බහලුම් රථයක් වැදී අනතුරක් සිදුවි තිබෙනවා.
මීගමුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.10 ට කොළඹ කොටුව බලා ධාවනය වූ මගී දුම්රිය කුරණ දුම්රිය ස්ථානය ආසන්නයේ 10.15 ට පමණ පුද්ගලික හරස් මාර්ගයක දී අංක CPLM 8909 දරණ බහලුම් රථය මෙසේ අනතුරට ලක්ව ඇත්තේ.
කෙසේ වෙතත් පුත්තලම් මාර්ගයේ ධාවනයට මේ වන විට බාධාවක් නොවූ අතර දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරේ.
මෙම අනතුරු හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු නොවූ අතර අදාල බහලුම් රථයේ ගැටුණු දුම්රියේ රියදුරු කුටියට දැඩි අලභානී සිදුව ඇත.