Close Menu
Lanka Focus News
    What's Hot

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    November 16, 2026

    ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව – සෞඛ්‍ය නි. ඇමති කියයි

    November 15, 2026

    ”යළි දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නැහැ” -කංචන විජේසේකර

    November 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
    Hot News

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    By LFNNovember 16, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතළිස් දහසක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු 35 හැවිරිදි වියේ පසුවන නැදුන්කර්නි ප්‍රදේශයේ පදිංචි යකඩ පෑස්සුම්කරුවෙකු වන අතර, අනෙක් පුද්ගලයා 46 හැවිරිදි වියේ පසුවන මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

    අදාළ පුද්ගලයන් දෙදෙනා මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ ඇති අතර, එතැන් සිට මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 179 දරන ගුවන් යානයෙන් අද (16) අලුයම 12.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

    ඔවුන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු දෙකක තිබූ මත්පැන් බෝතල් ඇසුරුම් කළ පෙට්ටි හතරකින් බෝතල් ඉවත් කර ඒ වෙනුවට මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සඟවා තිබියදී සොයාගෙන ඇත.

    එම මත්ද්‍රව්‍ය තොගය පැකට් හතරක අසුරා තිබූ අතර, එහි මුළු බර කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 664ක් බව සඳහන්.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (16) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව – සෞඛ්‍ය නි. ඇමති කියයි

    November 15, 2026

    ”යළි දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නැහැ” -කංචන විජේසේකර

    November 14, 2026

    විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

    November 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,484 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,434 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,632 Views
    Don't Miss

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    November 16, 202602 Views

    රුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතළිස් දහසක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු…

    ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව – සෞඛ්‍ය නි. ඇමති කියයි

    November 15, 2026

    ”යළි දේශපාලනයට පිවිසීමට කිසිදු අදහසක් නැහැ” -කංචන විජේසේකර

    November 14, 2026

    විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

    November 13, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.