Close Menu
Lanka Focus News
    What's Hot

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති
    Hot News

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    By LFNOctober 27, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව නීති රීති හඳුන්වාදීමට පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

    දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට පමණක් සුදුසු අන්තර්ගතයන් සඳහා යොදාගැනීම සහ දරුවන් ලිංගික වශයෙන් නිරාවරණය වන අන්තර්ගතයන් නිර්මාණය කිරීම වැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන බව අමාත්‍යවරිය පෙන්වා දෙයි.

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය හෝ ආදායම අපේක්ෂාවෙන් දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමට ලක් කිරීම බරපතළ ගැටලුවක් බව ද ඇය අවධාරණය කළාය.

    දරුවෙකුගේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කිරීමට දෙමව්පියන්ට පවා අයිතියක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරිය, දරුවෙකු සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වීම පිළිබඳ තීරණය ඔහුගේ හෝ ඇයගේ වයස සහ පරිණතභාවය අනුව ගත යුතු පෞද්ගලික තීරණයක් බව ද ප්‍රකාශ කළාය.

    දෙමව්පියන්ගේ වගකීම් විරහිත සමාජ මාධ්‍ය භාවිතය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව බරපතළ ලෙස අවදානමට ලක්වන්නේ නම්, එම දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ආරක්ෂිත භාරකාරත්වයන් යටතට පත් කිරීම වැනි පියවර ගැනීමට ද සිදුවිය හැකි බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    මේ අතර, දරුවන්ට හිතකර මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණින් විශේෂඥ මණ්ඩලයක් මගින් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව කටයුතු කර තිබේ.

    එම මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින අතර, ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.

    සමාජ මාධ්‍ය තුළ දරුවන් වාණිජමය අරමුණු හෝ ජනප්‍රියත්වය වෙනුවෙන් යොදාගැනීම හෙවත් ‘Kidfluencing’ පාලනය කිරීම සඳහා ප්‍රංශය සහ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු විවිධ ප්‍රදේශවල ද නීතිමය පියවර ගෙන තිබේ.

    ඒ අතර, දරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ උපයන ආදායමෙන් කොටසක් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීම සහ එවැනි කටයුතු සඳහා දරුවන් යොදාගත හැකි කාලය සීමා කිරීම ද ඇතුළත් වේ.

    මෙවැනි ජාත්‍යන්තර ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව තුළ ද සමාජ මාධ්‍ය භාවිතයේදී දරුවන්ගේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ සුබසාධනය තහවුරු කිරීම සඳහා නව නීතිමය සහ මාර්ගෝපදේශමය රාමුවක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 202603 Views

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව…

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.