Close Menu
Lanka Focus News
    What's Hot

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා
    Hot News

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    By LFNOctober 23, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රතු මුහුද සහ සූවස් ඇළ හරහා බහාලුම් නෞකා ගමනාගමනය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ හම්බන්තොට ජාත්‍යන්තර වරායට නව ව්‍යාපාරික අවස්ථා රැසක් නිර්මාණය විය හැකි බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි.

    සමුද්‍රීය උපදේශන ආයතනයක් වන ලයිනර්ලිටිකා විසින් 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් කළ පුරෝකථනයකට අනුව, 2027 පළමු කාර්තුව වනවිට බහාලුම් නෞකා ගමනාගමනය සූවස් මාර්ගයට විශාල පරිමාණයෙන් යළි පැමිණීමට අපේක්ෂා කෙරේ.

    කෙසේ වෙතත්, එම ක්‍රියාවලියේ වේගය කලාපයේ ආරක්ෂක තත්ත්වය සහ එක් එක් නෞකා සමාගමේ මෙහෙයුම් තීරණ මත රඳා පවතින බවද සඳහන් වේ.

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කර ඇත්තේ රතු මුහුදේ ඇති වූ බාධා හම්බන්තොට වරාය බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරයට පිවිසීම වේගවත් කළ බවය.

    කොළඹ වරායේ ඇති වූ තදබදය හේතුවෙන් අමතර බහාලුම් හැසිරවීමේ ධාරිතාවක් අවශ්‍ය වූ අවස්ථාවේ, 2024 අප්‍රේල් මාසයේ සිට හම්බන්තොට වරාය අතිරේක භාණ්ඩ හැසිරවීම ආරම්භ කර තිබේ.

    ඒ අනුව පසුගිය 2024 අප්‍රේල් 9 වැනිදා හම්බන්තොට වරාය සිය පළමු MSC බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කළ අතර, ධාරිතාව වැඩි කිරීමේ වැඩසටහන යටතේ නව බහාලුම් හැසිරවීමේ උපකරණ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 149ක් ආයෝජනය කිරීමටද කටයුතු කර තිබේ.

    ප්‍රධාන නැගෙනහිර–බටහිර නාවික මාර්ගයට නාවික සැතපුම් 10කට ආසන්න දුරින් හම්බන්තොට වරාය පිහිටා තිබීම, සූවස් මාර්ගය භාවිත කරන නෞකාවලට සේවා සැපයීම සඳහා විශේෂ භූගෝලීය වාසියක් බව ඔවුන් පෙන්වා දී ඇත.

    නෞකා ගුඩ් හෝප් තුඩුව වටා යන විකල්ප මාර්ගයෙන් ඉවත් වී සූවස් හරහා පවතින ප්‍රධාන නැගෙනහිර–බටහිර නාවික මාර්ගයට යළි පැමිණෙන විට, ඒවා හම්බන්තොටට වඩාත් සමීපව ගමන් කිරීම වරායට නව ව්‍යාපාර ආකර්ෂණය කරගැනීමේ අවස්ථා වැඩි කරන බවද ඔවුන් සඳහන් කර ඇත.

    දැනට නැගෙනහිර–බටහිර භාණ්ඩ ප්‍රවාහනයෙන් සියයට 75කට ආසන්න ප්‍රමාණයක් අප්‍රිකාව වටා ගමන් කරන බවත්, ඒවා නැවත සූවස් මාර්ගයට යොමුවීමත් සමඟ හම්බන්තොට වරායේ නෞකා ඉන්ධන සැපයීම, නෞකා සැපයුම් සහ අනෙකුත් සමුද්‍රීය සේවාවන් සඳහා ඉල්ලුම ඉහළ යා හැකි බවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෙන්වා දී තිබේ.

    එමෙන්ම දේශීය ව්‍යාපාරවලට හම්බන්තොට වරාය භාවිත කරමින් ආනයන සහ අපනයන කටයුතු සිදුකිරීමට පහසුකම් සැලසීම සඳහා දේශීය බහාලුම් භාණ්ඩ මෙහෙයුම්ද සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

    වරාය ආශ්‍රිත කර්මාන්ත උද්‍යානය, ආයෝජන මණ්ඩල කලාප සහ ඉදිරි කාර්මික සංවර්ධන ව්‍යාපෘති මේ සඳහා සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, නව බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයක ප්‍රතිලාභද 2027 පළමු කාර්තුවේ සිට ලැබීමට නියමිතය.

    කලාපයේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වෙමින් ඇති පසුබිමක, බහාලුම් ප්‍රතිනැව්ගත කිරීම, දේශීය ආනයන හා අපනයන භාණ්ඩ, කාර්මික මෙහෙයුම්, නෞකා ඉන්ධන හා සැපයුම් සේවා ඒකාබද්ධ කරමින් හම්බන්තොට වරායේ ව්‍යාපාරික අවස්ථා තවදුරටත් පුළුල් කිරීම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ අරමුණ බවද සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 202603 Views

    රතු මුහුද සහ සූවස් ඇළ හරහා බහාලුම් නෞකා ගමනාගමනය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ හම්බන්තොට…

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.