Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි
    Hot News

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    By LFNOctober 6, 2026No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රසිද්ධ නවකතාකරුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෙෆ්රි ආචර් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඔහු 86 වන වියෙහි පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    දශක පහකට අධික ලේඛන ජීවිතය තුළ ඔහුගේ පොත් පිටපත් මිලියන 300කට වඩා අලෙවි වී ඇති අතර, ‘Kane and Abel’ සහ ‘Clifton Chronicles’ ආදී කෘති ඒ අතරින් වඩාත් ජනප්‍රිය විය.

    1940 දී ලන්ඩනයේ උපත ලැබූ ආචර්, 1969 වසරේදී කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත් විය.

    පසුව ඔහු එම පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

    1987 දී ‘Daily Star’ පුවත්පතට එරෙහිව පැවැති නඩුවකදී අධිකරණය නොමඟ යැවීමේ චෝදනාවට වරදකරු වූ ඔහුට, 2001 වසරේදී වසර හතරක සිරදඬුවමක් නියම විය.

    2003 දී සිරදඬුවමින් නිදහස ලැබූ ඔහු, පසුව සාමි මණ්ඩලයේ කටයුතුවලට එක්වූ අතර 2024 වසරේදී ඉන් විශ්‍රාම ලැබීය.

    ඔහුගේ අවසන් නවකතාව වන ‘Adam and Eve’ මෙම සතියේ නිකුත් වීමට නියමිතව තිබුණි.

    අභාවප්‍රාප්ත වීමට පෙර ඉරිදා දිනයේදී පවා ඔහු ලන්ඩනයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් සිය පාඨකයින් උදෙසා ග්‍රන්ථ අත්සන් කිරීමේ කටයුතුවල නිරතව සිටි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 202602 Views

    ප්‍රසිද්ධ නවකතාකරුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජෙෆ්රි ආචර් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන…

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.