Close Menu
Lanka Focus News
    What's Hot

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට
    Local News

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    By LFNSeptember 4, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

    ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත් ගොවීන් සඳහා අද දින රක්ෂණ වන්දි මුදල් අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සලසා ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්කයන්හී සියලුම ගොවීන් හට එළැඹෙන 15 වැනි දිනට පෙර වගා හානි වන්දි ගෙවීමට කටයුතු යොදා තිබේ.

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල වී, බඩ ඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන්ට හානි සිදුව තිබේ.

    එම සිදුවූ වගා හානි පිළිබඳව ගොවීන් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් විසින් කඩිනමින් වගා බිම් වෙත ගොස් වගා හානි පරීක්ෂා කිරීම සිදුකර හානි සිදුවූ වගා බිම් ප්‍රමාණය තක්සේරු කිරීමෙන් පසු වන්දි මුදල් ගොවීන්ගේ ගිණුම්වලට නිදහස් කිරීමට තීරණය වී තිබුණි.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක පමණ ප්‍රමාණයක් රජය විසින් මේ වන විටත් වෙන් කර ඇති බවය.

    මෙහිදී හානියට පත් වී, බඩඉරිඟු, ලොකු ලූනු, අර්ථාපල්, සොයා සහ මිරිස් යන භෝග 06ක් සඳහා හෙක්ටයාරයක් සඳහාරුපියල් ලක්ෂයක මුදලක් ලෙස උපරිම අක්කර 05ක් සඳහා වන්දි මුදල් ලබා දීම සිදු කරන බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 202601 Views

    වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද…

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.