Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි
    Local News

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    By LFNAugust 15, 2026No Comments2 Mins Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.

    ඔහු සමග තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද රැගෙනවිත් තිබේ.

    අද රාත්‍රී 08:48ට Air Arabia ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි.

    දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකි. ශිරාන් බාසික් ඉකුත් 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබුණි.

    පසුගිය මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය.

    ඔහු ඉකුත් ඉරාන – අමෙරිකා යුද්ධයේදී, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ජායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු පිළිබඳ විමර්ශන කටයුතු සඳහා අමෙරිකාව විසින් එරටට ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබූ බව වාර්තා වෙයි.

    එමෙන්ම මොහු ඩුබායිහි ධන කුවේරයෙකු ලෙස සැඟව සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

    ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බවට සැලකේ.

    කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත, දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන යාමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.