Close Menu
Lanka Focus News
    What's Hot

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්
    Local News

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    By LFNJuly 8, 2026No Comments1 Min Read13 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

    ඒ අනුව, කොදෙව්වන් 2023 වසරෙන් පසු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක ජය හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වන අතර, තරගාවලියේ පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 217ක දැවැන්ත ජයක් ලබාගැනීම ඔවුන්ගේ ජයග්‍රහණයට පදනම විය.

    දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 251 රැස්කරමින් කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 302ක ඉලක්කයක් පන්දුවාර 60ක් තුළ ලබා දුන්නේය.

    කෙසේ වෙතත්, ජය හඹා යාමට අවදානමක් නොගත් කොදෙව් පිල ආරම්භක පිතිකරුවන් වන ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිංගේ නොදැවුණු අර්ධ ශතක හමුවේ කඩුල්ලක් නොදැවී ලකුණු 109ක් ලබා සිටියේය.

    ජෝන් කැම්ප්බෙල් සහ බ්‍රැන්ඩන් කිං දෙදෙනාම නොදැවී ලකුණු 51 බැගින් රැස් කළහ.

    තරගයේ පළමු ඉනිමේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 549ක් රැස්කළ අතර, ළහිරු උදාර ලකුණු 188ක් රැස් කළේය.

    ඊට පිළිතුරු ලෙස කොදෙව්වෝ ලකුණු 499ක් රැස් කළ අතර, ජස්ටින් ග්‍රීව්ස් ලකුණු 180ක් සහ ශායි හෝප් ලකුණු 112ක් රැස් කරමින් තරගය කොදෙව්වන්ගේ පැත්තට හැරවීමට දායක වූහ.

    තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස ජස්ටින් ග්‍රීව්ස් සම්මාන දිනාගත්තේය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 202604 Views

    ව්‍යාජ ලේඛන සකස්කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඖෂධ තොගයක් සමඟ වලාන මධ්‍යම දූෂණ…

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.