අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ මස්කැටින් (Muscatine) වරාය නගරයේ ස්ථාන කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.
ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඛේදජනක සිදුවීම හටගෙන ඇති බවයි.
මිසිසිපි ගඟ අසල පිහිටි මෙම නගරයේ සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.

