Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වාගැනීමට සූදානම් – පොලීසිය
    Local News

    රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වාගැනීමට සූදානම් – පොලීසිය

    By LFNMay 28, 2026No Comments2 Mins Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස්ගත සැඟව සිටින රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89 දෙනෙකු මෙරටට ගෙන්වාගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

    මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටි අපරාධකරුවන් 8 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ මෙරටට ගෙන්වාගත් බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා,

    “22 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සැකකරුවන් 19 දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු ඇතුළු 21ක් දෙනෙක් ගෙන්න ගත්තා. ඔවුන් මේ වනවිට විශේෂිත වූ අංශ හරහා විමර්ශන කටයුතුවල යෙදිලා තියෙනවා. ඒ වගේම පෙරදින රාත්‍රී  ඒ කියන්නේ 27 වනදා අපිට හැනියාව ලැබිලා තියෙනවා තවත් සැකකරුවන් 8 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වා ගනන්. මෙම සැකකරුවන් 8 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජාහවල විවිධ වූ අපරාධයන් සඳහා රැඳවාගෙන සිටි සැකකරුවන් 8දෙනෙක්. බුද්ධි මෙහෙයුමක් හරහා මේ 8 දෙනාත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා. මෙම සැකකරුවන් අතරින් තිදෙනෙක් සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන යමින් එරට සිට මෙරට යම් යම් අපරාධ මෙහෙයවූ කල්ලියක් විදිහට හඳුනාගෙන තියෙනවා. සැකකරුවන්ගෙන් දෙදෙනෙක් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුණ දෙදෙනෙක්. තවත් තිදෙනෙක් මේ රටේ විවිධ වූ අපරාධයන් සඳහා සම්බන්ධ වූ අය හැටියට අපි හඳුනාගෙන තියෙනවා. 

    මේ රටේ අපරාධ සිදුකරලා විවිධ රටවලට ගිහිල්ලා අධිකරණය මඟ හැරලා සැඟවී සිට අපරාධ මෙහෙයවන කිසිවෙක් සඳහා අපි ඉඩ ප්‍රස්තාව සලසා දෙන්න නැති බව යළිත් අපි අවධාරණය කරනවා. 2024,2025 සහ 2026 මේ වසර තුනේදීම රතු නිවේදන හරහා මෙරටට ගෙන්වා ගත්ත සැකකරුවන් 32ක් ඒ වගේම විවිධ රටවල් සමඟ සම්බන්ධවෙලා මේ වන විට විවිධ අපරාධ සිදුකරන තවත් සැකකරුවන් 70 දෙනෙක් අපි ලංකාවට ගෙන්නවා ගෙන තියෙනවා මේ වනවිට. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ තවත් රතු නිවේදන 89ක් සඳහා අපි ඉතාමත්ව පැහැදිලිව සූදානමින් සිටිනවා. විවිධ රාජ්‍යන් අතර සම්බන්ධවෙලා ඉතිරි රතු නිවේනද නිකුත් කරන සැකකරුවන් 89 දෙනා අපි ලංකාවට ගෙන්නවා ගන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.