Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ආරක්ෂ ලේකම් රුසියානු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි
    Local News

    ආරක්ෂ ලේකම් රුසියානු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති හමුවෙයි

    By LFNMay 27, 2026No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා මොස්කව්හිදී රුසියානු ආරක්‍ෂක අමාත්‍ය Vasily Osmakov මහතා හමුවී තිබේ.

    ඊයේ (26) මෙම හමුව සිදුව ඇති බව ආරක්‍ෂක අමාත්‍ය සඳහන් කළේය.

    මොස්කව්හිදී  මැයි 26 සිට 29 දක්වා පැවැත්වෙන පලමුවන ජාත්‍යන්තර ආරක්ෂක සංසදය සහ ආරක්ෂක ගැටලු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ වාර්ෂික රැස්වීම සඳහා සහභාගි වු ආරක්‍ෂක ලේකම්වරයා ඊට සමගාමීව මෙම හමුව පැවැත්විණි.

    මෙම සාකච්ඡාවේදී, දෙරට අතර කලාපීය සහ ගෝලීය වශයෙන් වැදගත් ආරක්‍ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන තිබේ.

    ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ආරක්‍ෂක ක්ෂේත්‍රවල, විශේෂයෙන්ම යුද-තාක්‍ෂණික සහයෝගීතාව ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම දෙරට අතර පුහුණුවිම්වලට අදාළ අවස්ථා ඉහළ නැංවීම වෙනුවෙන් පවතින අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම තහවුරු කළේය.

    තවද, දැනට රුසියානු සමූහාණ්ඩුවේ සේවය කරන හිටපු ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන්ට අදාළ කරුණු පිළිබඳවද දෙපාර්ශ්වය විසින්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

    මෙම සාකච්ඡාව සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනී ගුණසේකර මහත්මිය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ චාන්සරි අංශයේ ප්‍රධානී මිහිරාවි දිසානායක මහත්මිය සහ ආරක්‍ෂක උපදේශක එයාර් කොමදෝරු දිනේෂ් කසාගල යන නිලධාරින් සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.