එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බරාකා න්‍යෂ්ටික විදුලි බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.
මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කර ඇත.
එයට වගකිව යුතු පාර්ශ්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් කිසිදු රටක් නම් නොමැත.
පසුගිය සතියේ ඉරාකයෙන් ඩ්‍රෝන යානා හයක් තමන් වෙත එල්ල වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහන් කළ අතර, ඒ අතරින් එක් ඩ්‍රෝන යානයක් මෙම බරාකා න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර තිබූ බව වාර්තා වෙයි.
